දුදිගම පරාක්‍රමබාහු රජුට සමකාලීනව 1415 වර්ෂයේම කොට්ටේ ශ්‍රි ජවයර්ධනපුරය අගනුවර කරගෙන තවත් පරාක්‍රමබාහු කෙනෙක් පහතරට ප්‍රදේශ පාලනය කරන්නට විය. මේ රජුගේ මුල් කාලය පිළිබඳ තොරතකුරු ඉතා අල්පය. පැරකුම්බා සිරිත නම්වූ ප්රශස්ති කාව්‍ය ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට 6 වන පරාක්‍රමබාහු රජුගේ මව සුනේත්‍රා දේවිය, පියා "ජයමහ ලෑන'' නැමැත්තෙකි.
ජයමහලෑන ගම්පොළ 4 වන පරාක්‍රමබාහු රජුගේ මුනුපුරෙකි. 1411 වර අලකේශ්වර චීනයට ගෙන ගිය අවස්ථාවේ ජයමහලෑනද එම පිරිසට අයත් විය. මේ අවස්ථාවේ සුනේත්‍රා දේවි තම පුතා සමඟ වීදාගම නායක හිමියන්ගෙන් ආධාර පතා එහි ගියාය. වීදාගම මිහියන් විසින් මේ දෙදෙන සතර කෝරළයේ බෙලිගල අසල ගම් ප්‍රධානියෙකු වෙත ආරක්ෂාව සඳහා යැවූ බව රාජාවලියෙහි සඳහන් වෙයි.