වීර අලකේශ්වර ක්‍රි.ව 1409
 

වීර අලකේශ්වර ඉන්දියානු හමුදාවක්‌ ගෙන කෝට්‌ටේට පැමිණ වරබාහු සමඟ සටන් කොට ඔහු මරා දැමීය. 1409 දී සිදුවූ මේ සිද්ධීයෙන් පසු වර අලකේශ්වර රයියම රජු ලෙස පෙනී සිටියත් ගම්පොළ සේනාධිලංකාර ඇමති ඇතුළු කන්ද උඩ පස්‌ රටේ ප්‍රධානීන් ඔහුගේ ආධිපත්‍යය පිළිගෙන නැත. මෙම පිරිස එක්‌ව සේනාධිලංකාර ඇමතිගේ මුනුපුරෙකු 1410 වර්ෂයේ පරාක්‍රමබාහු නමින් මහනුවර රජ කරවූ බව අස්‌ගිරි තල්පතේ සඳහන් වෙයි. සද්ධර්ම රත්නාවලියේ සඳහන් වන අන්දමට මහනුවර පාලකයා "පරාක්‍රම ඈපා" ලෙස දක්‌වයි.

වීර අලකේශ්වර රයිගම පාලකයාව සිටි මුල් කාලයේ (1405 ඳී) වන සෙන්පතියෙකු වූ චෙං - හෝ ලංකාවට ගොඩබැස ඇත. ඔහු නැවත 1409 වර්ෂයේදී ලංකාවට පැමිණි බව සඳහන් වේ. එවර ලංකාවේ පූජනීය ස්‌ථානවලට පිඳීම සඳහා විශාල පුද පඬුරු තොගයක්‌ ද රැගෙන පැමිණියත් වර අලකේශ්වර ඔහු සාදරයෙන් පිළිගත්තේ නැත.

චෙං - හෝ තමන් ගෙන ආ පුද පඬුරු දෙවිනුවර උපුල්වන් දෙවොලට පූජා කොට සෙල්ලිපියක්‌ද පිහිටුවා ආපසු ගියේය. මෙම සෙල් ලිපිය "ගාල්ලේ ත්‍රිභාෂා සෙල්ලිපිය'' ලෙස ප්‍රසිද්ධව ඇත්තේ ය. චීන - පර්ෂියානු හා දෙමළ භාෂාවලින් මෙම සෙල්ලිපිය ලියා ඇත. සිංහල භාෂාව එහි භාවිත කොට නැත.

මේ අවධියේඳී විදේශීය වෙළඳ කටයුතකු සඳහා ඉන්දියානු සාගර කලාපයේ භාවිත කළ ප්‍රධාන භාෂාව දෙමළ බස වූ බැවින් මෙම සෙල් ලිපිය සඳහා දෙමළ බස භාවිත කරන්නට ඇත. මෙකල ඉන්දියන් සාගර කලාපයේ විදේශ වෙළදාමට මුස්‌ලිම් ජනතාව වැඩි දායකත්වයක්‌ දුන් අතර ඔවුන්ගේ බස දෙමළ වූයේ ද ඉහත දැක්‌වූ හේතුව මතය.


 

 

1411 දී තුන්වන වරටත් චෙං - හෝ සෙන්පතියා ලංකාවට ගොඩබැස්‌සේය. මෙවර විශාල නැව් හමුදාවක්‌ද සමඟ ඔහු පැමිණ ඇති බවට සාධක ලැබේ. මෙවරද වීර අලකේශ්වර ඔහුගේ පැමිණීමට විරෝධය දුක්‌වූ බැවින් චෙං - හෝ සෙන්පතියා 3000 ක හමුදාවක්‌ සමඟ නගරය ආක්‍රමණය කොට දින හයක්‌ තිස්‌සේ අලකේශ්වර හමුදාව සටන් කොට වීර අලකේශ්වර සහ ඔහුගේ පවුලේ අය සිරබාරයට ගත්තේ ය. මෙම සටන සිදුවූයේ කෝට්‌ටේ බලකොටුව තුළද නැතිනම් රයිගමඳී ද යන්න මූලාශ්‍රවල පැහැදිලිව දක්‌වා නැත.

(c) Shilpa Sayura Foundation 2006-2017