අස්ගිරි තල්පතට අනුව 1391 දී 5 වන බුවනෙකබාහුගේ අභාවය සිදුවමේන් පසු යුවරජු ලෙස කටයුතකු කළ දේවමන්ත්‍රී වරබාහු නමින් ගම්පල රජවිය.
වරබාහු ගම්පල රජ කරන කාලයේ වර අලකේශ්වර (එකොළොස්‌වන අලකේෂ්වර) රයිගම මූලස්‌ථානය කරගෙන පහතරට ප්‍රදේශ පාලනය කළේය. රජුගේ අධිපාත්‍යය නොපිළිගෙන ස්‌වාධීනව කටයුතකු කළ බැවින් වරබාහු රජු ඔහු ඇල්ලීමට සේනාවක් ගෙන කොට්‌ටේට ගිය බවකත් මේ දෙදෙනා අතර ඇති වූ සටනින් අලකේශ්වර පරාජය ව ඉන්දියාවට පැන ගිය බවත් අස්ගිරි තල්පතේ සඳහන්ව ඇත.
ඉන්පසුව වරබාහු රජ තෙමේ ගම්පොළ තිබූ දළදාව හා පාත්‍රා ධාතකුව ගෙන්වාගෙන ශ්‍රි ජයවර්ධනපුර කොට්‌ටේ අගනුවර කරගෙන එහි සිට රජකම් කළ බව අස්‌ගිරි තල්පතේ තවදුරටත් සඳහන් වෙයි. පසුව වර අලකේශ්වර ඉන්දියානු හමුදාවක් ගෙන කෝට්‌ටේට පැමිණ වරබාහු සමඟ සටන් කොට ඔහු මරා දුමීය.
