3 වන වික්‍රමබාහු රජුගේ අගමැති වූයේ නිශ්ශංක අලගක්‌කෝණාර (අලකේශ්වර) නැමැත්තෙකි. ඔහු රජු වෙනුවෙන් පාලන කටයුතු මෙහෙයවූ පුද්ගලයාය. මේ කාලයේ උතුරේ ආර්ය චක්‍රවර්තීවරුන්ගේ බලය දකුණේ ව්‍යාප්ත විය. උඩරට ප්‍රදේශ ගණනාවක හා වත්තල, මීගමුව, කොළඹ හා හලාවත යන ප්‍රදේශවල බදු අය කිරමේ අයිතිය හා වෙළදාම් කිරීමේ අයිතිය ආර්ය චක්‍රවර්ති පාලකයා සතු විය.
3 වන වික්‍රමබාහු රජුගේ අගමැති අලගක්‌කෝණාර කළුතර අසල රයිගම පදිංචිව සිටි වෙළඳ වශයකට අයත් වූවෙකි. ලංකාවේ බටහිර වෙරළ ආශ්‍රිත වෙළඳාමෙන් ලැබෙන වාසිය උතුරේ ආර්ය චක්‍රවර්තී අතට පත්වම වැළැක්‌වම නැවැත්වීම සඳහා බටහිර වෙරළේ වෙළඳාම පාලනය කිරීමට හැකි ස්‌ථාකනයක බලකොටුවක් ගොඩනංවා ආර්ය චක්‍රවර්තී පාලකයාගේ බලය මෙල්ල කිරමට ඔහු අදිටන් කර ගත්තේය.
වර්ථමානයේ කෝට්‌ටේ නමින් හඳුන්වන ස්‌ථානය ඔහු ඒ සඳහා තෝරා ගති. කැලණි ගඟේ අතකු ගංඟාවක් වූ දියවන්නා ඔයෙන් තුන් පැත්තකින් වටවූ ගොහොරු බිමක් වූ ගඟෙන් මෙම ස්‌ථානයට ස්‌වාභාවික ආරක්‌ෂාවක්‌ද ලැබුණි. එහි කබොක් ගලින් බලකොටුවක් ඉදිකරවූ අලගක්‌කෝණාර ඇමති සෑහෙන කාලයකට තරම් වූ ආහාරපානද එහි රැස්‌කොට ඉන්පසු ආර්ය චක්‍රවර්තීගේ බදු එකතු කරන්නන් බටහිර වෙරළේ තොටුපළ වලින් පන්නා දුමුවේය.
නැවත යුද්ධ සේනාවක් සමඟ ඔවුන් පැමිණි නමුත් අලගක්‌කෝණාරගේ හමුදාවන් මෙවරද ඔවුන්ට පහර දී පන්නා දෑමීය. මේ අයුරින් බටහිර වෙරළේ තොටුපළ වලින් ගත් ආදායම ගම්පොළ රජුට ලබාඳීමට ඔහුට හැකිවිය.
අලගක්‌කෝණාර ඇමතිතකුමාගේ ප්‍රධානත්වයෙන් හා ශිලවංශ ධර්මකීර්ති හිමියන්ගේ මූලිකත්වයෙන් 1369 වර්ෂයේදී ශාසන සංශෝධනයක්‌ද සිදු කරන ලද බව මූලාශ්‍රවල දුක්‌වේ. මේ ඇමතිවරයා ගම්පොළ රාජ සභාවේ කොතරම් බලවත්වද යත් ඇතැම් ලේඛණවල ඔහු හඳුන්වා ඇත්තේ ලංකාධිපති රජු (රාජා ලංකා මිහිතලේ) යනුවෙනි. හෙතෙම ගම්පොළ 3 වන වික්‍රමබාහු රජුගේ සහෝදරියකු සමඟ විවාහ ව සිටි අතර රජුගේ ඇවෑමෙන් පසු 5 වන බුවනෙකබාහු නමින් ගම්පොළ රජවිය
පස්‌වන බුවනෙකබාහු රජුට අගමැතිකම් කළ අලකේශ්වර හා දේවාමන්ත්‍රී යන සහෝදරයන් දෙදෙනෙකකු ගැන 1381 ඳී පිහිටුවන ලද "සගම" විහාර සෙල්ලිපියේ සඳහන් වේ. 1382 ලියැවුණු එළු අත්තනගලු වංශයේ අලකේශ්වර හා අර්ථනායක යන දෙදෙන මේ රජුට අගමැතිකම් කළ බව සඳහන් කර ඇත. මේ තිදෙනාගෙන් අර්ථනායක යුවරජු ලෙම ගම්පල සිටියේ ය.
අනෙක් දෙදෙන රයිගම වාසය කර ඇත. අර්ථනායක මියගියපසු යුවරාජ තනතකුරට දේවමන්ත්‍රී පත්විය. අලකේශ්වර රයිගම ප්‍රාදේශිය පාලකයෙකකු ලෙස කටයුතු කළ අතර ඔහු කෝට්‌ටේ බලකොටුව ඉදිකළ නිශ්ශංක අලකේශ්වරගේ සහෝදරියකගේ පුතෙකි.
"සගම" සෙල්ලිපිය අනුව උතකුරෙන් එල්ල වූ ආර්ය චක්‍රවර්ති පාලකයෙකුගේ ආක්‍රමණයක් අලකේශ්වර හා දේවමන්ත්‍රී යන දෙදෙන එක්‌ව මැඩ පැවැත්වූ බවට සාධක ලැබේ.
අස්‌ගිරි තල්පතට අනුව 1391 දී 5 වන බුවනෙකබාහුගේ අභාවය සිදුවීමෙන් පසු යුවරජු ලෙස කටයුතු කළ දේවමන්ත්‍රී වරබාහු නමින් ගම්පල රජවිය.
