1359 දී වික්‍රමබාහු ඈපා නම් අයෙක් රජු පලවා ඇර 3 වන වික්‍රමබාහු නමින් ගම්පොළ රජ විය. මේ සඳහා ඔහු උතුරේ ආර්ය චක්‍රවර්තීවරුන්ගේ ආධාර ලබාගෙන ඇත. එම උපකාරයට හිලව් වශයෙන් උඩරට රාජ්‍යයේ සිදුරුවාන, වලවිට මාතලේ, දුම්බර, සගම තකුන්රට යන ප්‍රදේශවල බදු අය කර ගැනීමේ බලය ආර්ය චක්‍රවර්තී පාලනයාට ලබාදීමේ ගිවිසුමකට බැඳීමට 3 වන වික්‍රමබාහුට සිදුවිය.
