කුරුණෑගල යුගය (ක්‍රි. ව. 1300 - 1341)
 

4 වන පරාක්‍රමබාහු රජතුමා
ක්‍රි. ව. 1302 දී 2 බුවනෙකබාහු රජුගේ පුත්‍රයා "හතරවන පරාක්‍රමබාහු'' නමින් කුරුණෑගල රජ විය. මේ රජුගේ කාලයේ රට සාමකාමී විය. ශාසනික හා ශාස්‌ත්‍රීය අංශවල ඉතා ඉහළ මට්‌ටමේ සංවර්ධනයක්‌ මෙකල සිදුවිය.


මෙතුමාගේ ශාසනික කටයුතු මහනුවර, කෑගල්ල, කොළඹ, රත්නපුරට, කළුතර, ගාල්ල, මාතර, ආදී ඈත පළාත් දක්‌වා ව්‍යාප්ත විය. අවුරුදු 24 ක්‌ පුරා මේ රජතකුමා විසින් කරන ලද සේවාවන් තත්කාලීන ග්‍රන්ථවල බෙහෙවින් අගය කොට ඇත. පණ්‌ඩිත පරාක්‍රමබාහු යන නමින් මෙතුමා හැඳින්වීම සඳහා යොදා තිබේ.
 

 

 

 

 

 

විචිත්‍ර දළදා මාලිගයක්‌ කුරුණෑගල ඉදිකොට දළදා වහන්සේ එහි වඩා හිඳුවා නිතිපතා පූජෝපහාර පැවැත්වය. දළදා වහන්සේට කළ යුතු වත් පිළිවෙත් ඇතකුළත් කොට "දළදා සිරිත'' නමැති ග්‍රන්ථය රචනා කරන ලද්දේ මෙකල සිටි "දෙව්ර දම් පසිඟිනාවන්'' නමැත්තා විසිනි.


සිංහල ජාතක පොත ලියැවුණේද මේ රජුගේ කාලයේදී ය. ජාතක පොත වාර්ෂයක්‌ පාසා මහ පෙරහැරින් නුවර පැදකුණු කොට ඊට පූජෝපහාර කළ බවද සඳහන් වේ.

දෙවුන්නර දෙමහල් පිළිමගෙය, වැලිගම, අග්‍රබෝධි විහාරය හා රයිගම් කෝරළයේ පිහිටි වදාගම ඝනානන්ද පිරිවෙණ ඉදිකිරමද මේ රජුගේ වැදගත් ශාසනික සේවාවන්ය.

"අස්‌ගිරි තල්පතේ'' සහ "ශ්‍රීවර්ධනපුර විස්‌තරය'' නමැති පුස්‌කොළ පොතේ සඳහන් වන අන්දමට මහනුවර නගරය ආරම්භ කරන ලද්දේ 4 වන පරාක්‍රමබාහු රජුගේ නියමය පරිදි ඔහුගේ බෑනා කෙනෙකකු වූ ශ්‍රී වර්ධන සෙනාධිපති (ඇමති) විසින් ය.

 

 

 

 

 

 


 කුරුණෑගල ඇතුගල ගල් පඩි

(c) Shilpa Sayura Foundation 2006-2017