3 වන පරාක්‍රමබාහු රජතුමා 1287-1794
 

බුවනෙකබාහු රජුගෙන් පසුව, ඔහුගේ පුතා සහ බෝසත් විජයබාහුගේ පුතා අතර සිහසුනට අරගලයක්‌ ඇතිවිය. මේ ගැටුම පවතින අතර යාපනයේ ආර්ය චක්‍රවර්තී සෙනෙවියෙක්‌ යටතේ පැමිණි පාණ්‌ඩ්‍ය හමුදාවක්‌ යාපහුවට පහර දී දන්ත ධාතකුව හා පාත්‍රා ධාතුව පැහැරගෙන ගොස්‌ පාණ්‌ඩ්‍ය අධිරාජ්‍යයාට බාර දුන්නේ ට.

මේ අවස්‌ථාවේ බෝසත් විජයබාහුගේ පුත්‍රයා වූ පරාක්‍රමබාහු කුමරු පාණ්‌ඩ්‍ය රාජ්‍යයට ගොස්‌ එම රජු සමඟ කතාබහ කොට ඉතා සාමකාමී ලෙස මෙම පූජනීය වස්‌තූන් ආපසු ලබා ගැනීමට සමත් විය. මේ අනුව රාජ්‍ය හිමිකම ලබාගත් හෙතෙම 1287 දී 3 වන පරාක්‍රමබාහු නමින් පොළොන්නරුව ආක්‍රමණය කොට පාත්‍රා ධාතුව හා දන්ත ධාතුව පැහැර ගෙන අවුත් ශ්‍රී නිවාස බුවනෙකබාහු (2 වන බුවනෙකබාහු) නමින් යාපහුවේ රජ විය.

ඔහු අවුරුදු 7ක්‌ යාපහුවේ රජ කළ අතර අවසාන අවුරුදු දෙක කුරුණෑගල සිට රජ කළේ ය. මේ අයුරින් ක්‍රි. ව. 1300 ඳී පමණ කුරුණෑගල ලංකාවේ පාලන මධ්‍යස්‌ථානය බවට පත්විය.

(c) Shilpa Sayura Foundation 2006-2017