ජීවය පරිණාමය වීමේ කාල රාමු
 

ජීවයේ ඉතිහාසය ප්‍රධාන වශයෙන් ප්‍රාග් කේම්බ්‍රීය (Precambrian)

හා පැනරොසොයික් (Phanerozoic) කාල රාමු (Eons) දෙකකට බෙදේ.
එම කාළ රාමු තව දුරටත් යුග වලට බෙදා පහත කාල රේඛාව පරිදි අධ්‍යයනය කෙරේ.



වර්ෂ බිලියන හතරක කාලයකට වඩා වූ ප්‍රාග් කේම්බ්‍රීය කාල රාමුවේදී පෘතුවිය බිහිවීම, එහි භූ ගර්භය පරිණාමය වීම සහ වායුගෝලය නිර්මාණය වීම සිදුවූවයි සැලකේ.

පැනරොසොයික් කාළ රාමුව අද දක්වා ජීවය පරිණාමය වීමට ගතවුනු කාලයයි.
එහි කාල පරිච්චේදයක්  වන සෙනෙසොයික් (Cenozoic) කාළ රාමුව ප්‍රථම මිනිසා බිහිවූ දා සිට පටන් ගැනේ. සෙනෙසොයික් කාල රාමු සම්පූර්ණ කාලරාමුව සමග සසඳන විට ඉතා කුඩා කාලයක් ලෙස සැලකිය හැකිය. ලෝකය බිහිවීම, ඔක්සිජන් ඇතිවීම හා ප්‍රථම ජීවය බිහිවීම මෙන්ම මානව විකාශනය හා ඇසිරියානු, බැබිලෝනියානු, මිසර, ඉන්දු, ග්‍රීක, රෝම ශිෂ්ඨාවාර බිහිවීම හා අද පවතින ගෝලීය සමාජය බිහි වීම මෙහිදී සලකා බැලේ.

අප මෙවන් කාලයක් පසු කරන විට විශ්වයේ වෙනත් ස්ථානයක තවත් ජීවයක් පහළ වෙමින් තිබීමට පුළුවන.


බිලියන 4.5ක කාලය කාල රාමුව වලටත් (Eon), ඒවා කාල පරිච්චේද (Period) වලටත්, පසුව යුග වලටත් බෙදා තිබෙන මෙම සටහනට අනුබ විවිධ වැදගත් සිදුවීම් හා වෙනස්කම් සිදුවූ අවස්ථාද, ශාක හා සතුන් බිහිවූ කාලද මෙම බෙදීම් වලින් දැක්වේ.

ප්‍රධාන බෙදීම ප්‍රාග් කේම්බ්‍රීය හා පැනරෝසයික් කාල රාමුය. (Precambrian and Pharnerozoic).

පෘතුවියේ භූගර්භ හා ජීව කාල සටහන නිර්ණය කර ඇත්තේ පෘතුවිය මත හමුවන පෝසිල හා පාෂාණ වල කාළ නිර්ණය කිරීමෙනි.


ප්‍රාග් කේම්බ්‍රීය කාල රාමුව
හේඩ්න් (Hadean) නම් පෘතුවිය නිර්මාණය වු කාලයටත්
ආචියන් (Achaean) නම් වායුගෝලය නිර්මාණය වී මුල්ම ජීවය බිහිවූ කාලයටත්
ප්‍රොටෝසොයික් (Proterzoic) එනම් ඔක්සිජන් නිර්මාණය වී ජීවය විකාශනය වූ කාලයටද බෙදේ.

ප්‍රොටෝසොයික් කාල පරිච්චේදය
පේලියෝසොයික් යුගය නම් ප්‍රථම ජීවීන් වූ ට්‍රයිලෝබයිටයන් ඇතිවීම හා නිරෝධනය (වඳවීම -extinction) යුගයයි.
මෙසොසොයික් (Mesozoic) කාල පරිච්චේදය උරගයන්ගේ කාලය හා ප්‍රථම මත්සයන් පරිණාමය (evolution) වූ කාලයයි
සෙනොසොයික් (Cenozoic)කාල පරිච්චේදය මානව වර්ගයාගේ පරිණාමය හා සම්බන්ධය.

 



 

 
(c) Shilpa Sayura Foundation 2006-2017