විලියම් ගොපල්ලව : 1972 -1977

 Link 

  විලියම් ගොපල්ලව ලංකාවේ අවසාන අග්‍රාණ්ඩුකාරයා වු අතර, ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක නොවන ජනාධිපති ද විය. ( නාමික විධායක ) 1972 දි ලංකාව ජනරජයක් වු බවට පත්විමෙන් පසු ජනාධිපති ධුරයට පත් වු ඔහු අපක්ෂපාති හා ගෞරවනීය රාජ්‍ය නායකයෙකු ලෙස ද ප්‍රසිද්ධියට පත්වි ඇත.

 
ලංකාවේ දෙවන අග්‍රාණ්ඩුකාරවරයා ද වු ඔහු ප්‍රථම බෞද්ධ අග්‍රාණ්ඩුකරු ද විය. 1972 දී ලංකාව ජනරජයක් බවට පත් වු විට එහි ප්‍රථම ජනාදිපති ධුරයට පත් වුයේ ගොපල්ලව මැතිතුමාය. 1978 පෙබරවාරි මාසයේදි ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති ධුරයට පත්කරවිමෙන් පසු ගොපල්ලව සිය තනතුරින් ඉල්ලා අස්විය.
(c) Shilpa Sayura Foundation 2006-2017