ඩී.බී. විජේතුංග ඩී.එස් සේනනායක මැතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ ආහාර හා සමුපකාර සේවා ඇමති වු අතර 1965 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ජය ලබා 1977 දී ජේ. ආර්. ජයවර්‍ධන රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි ඇමතිවරයා වීය. 1988 වයඹ පළාතේ ආණ්ඩුකාර ධූරයට පත්වූ ඩී. බී. විජේතුංග මහතා ආර්. ප්‍රේමදාස මහතා විසින් අගමැති ධුරයට පත් කෙරිණි.
ශ්‍රී ලංකාවේ 12 වන අගමැතිවරයා ලෙස කටයුතු කරමින් මුදල් ඇමති පදවියද දරමින් සිටියදී 1993 මැයි 1 දින පැවති මැයි රැළියේ දී ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ඝාතනය වීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ජනාධිපති ලෙස පත්විණි.
