ගඩලාදෙණිය විහාරය
 


ප්‍රධාන පිළිමගෙයි වැඩහිඳින බුදුපිළිමය

බුදුපිළිමය වජ්‍රාසන ප්ර්යාංකයෙන් වැඩසිටින ආකාරයෙන් නෙළා ඇත.  අනුපිළිම දෙකට අමතරව තවත් හිටි පිළිම දෙකක්‌ දෙපැත්තේ නිමකොට ඇත. මුලින් දැක්‌වු අනුපිළිම දෙක විතර්ක මුද්‍රාවෙන් පෙනී සිටි.


බුද්ධ ප්‍රතිමාවේ උපශාන්ත බවක්‌ නොමැත. හොඳින් විවාත වු නේත්‍ර යුග්මය විහාර ගෙයට ඇතුල්වන සැදැහැතියන් බියගන්වන සුලුගතියක්‌ දනවයි. මෙම බුදුපිළිමය කඑගලින් නිමකරන එකකි. ඒ මත බදාම තවරා සායම් ගෑම නිසා මුල් කෘතිය හැඳින්ගත නොහැකිවේ.






ගඩලාදෙණි ලෝකඩ බුදු පිළිමය

මෙම නිර්මාණය වරද මුද්‍රාව නිරූපණය වන පරිදි නිමකොට ඇති ලෝකඩ පිළිමයකි. පද්ම පිඨය සමග අස අඩි 2 කි මෙහි ඉන්දියාවේ නාලන්දාවේ සුප්‍රකට ප්‍රතිමා ශෛලිය නිරූපණය වේ. බුදුපිළිමය ලාංකීය කලා කරුවකුගේ කෘතියක්‌ නොවන බව බොහෝ විචාරකයින් ගේ මතය වේ.


නර්තන දෙවියන්ගේ කැටයම


මෙම නිර්මාණයේ අත් 4 කි. කෙස්‌ කළඹ සෑම ප්‍රදේශයකටම විහිදුවා ඇත. චලන රිද්මය ලාලිත්ව ස්‌වරූපය, වේගය කැටයමට අන්තර් ගතකොට ඇත.







 


ගඩලාදෙණිය සද්ධර්ම තිලක විහාරය (විඡයොත්පාය)


විඡයෝත්පාය නමින් හැඳින්වෙන ගඩලාදෙණි විහාරය ගම්පොළ යුගයේ මුලින්ම ඉඳිවු විහාරයකි. 4 වෙනි බුවනෙකබාහු රඡුගේ සහයෝගය ඇතිව ධම්මකීත්ති හිමියන්ගේ මෙහෙයවීමෙන් මෙම විහාරය නිර්මාණය කොට තිබෙන්නේ ස්‌ථපතිගණාධිපති ගනේෂ්වරාචාර්ය නැමැති ඉන්දියානු ශිල්පියා විසිනි. මෙහි ඓතිහාසික තොරතුරු වැඩි වශයෙන් හෙළිවන්නේ ගණවැසි වංශාත් සීලවංශ ප්‍රථම ධර්ම කීර්ති මාහිමියන් පිහිට වු ගඩලාදෙණි පර්වත ශිලාලිපිය ආශ්‍රයෙනි.


මෙම විහාරය දකුණු ඉන්දියානු විඡය නගර් රාඡ්‍යයේ ගෘහ නිර්මාණය සිහි ගන්වයි' මෙහි ගොඩනැගිලි සැලැස්‌ම හා පිළිමගෙය

1. ගර්භගෘහය
2. අන්තරාලය
3. මණ්‌ඩපය
4. අර්ධ මණ්‌ඩපය යන කොටස්‌වලින් සමන්විත වේ.
විඡය නගර් කලා සම්ප්‍රදායට අයත් ශිව දේවාලයක ස්‌වරූපය මෙහි නිර්මාණයන්ගෙන් පැහැදිලි වන අතර. අවශේෂ ලෙස ස්‌වදේශිය නිර්මාණ ලක්‍ෂණයන් ද මෙයට බලපා ඇත. ශිව දේවාල මස්‌තකයේ බ්‍රහ්ම ලෝකය අගවන කුඩා ස්‌ථුප නිර්මාණ සහිත ලීස්‌තර ලියවැල් ස්වරූප දකුණු ඉන්දියානු නිර්මාණ අභාසයන් ප්‍රකට කරයි.

(c) Shilpa Sayura Foundation 2006-2017