ගම්පළ යුගය වශයෙන් පිළිගැනෙන්නේ ක්‍රිස්‌තු වර්ෂ 1341 වැන්නේදී ගගසිරි පුර (ගම්පළ)රාඡධානිය කොටගත් 4 වන භුවනෙක බාහු රඡතුමාගේ කාලයයි. එයින් ආරම්භ වී අවසන් පාලකයා වශයෙන් සද්ධර්මාරත්නාකරයේ දැක්‌වෙන සේනාධිලංකාරගේ මුණුබුරු පරාක්‍රම බාහු ඈපාණන්ගේ අභාවයෙන් පසු (ක්‍රිස්‌තු වර්ෂ 1415න්) අවසාන වේ.
වර්ෂ 1341 දී ගම්පළ රාඡධානිය ආරම්භවීමට පෙර කුරුණෑගල රාඡධානිය කොටගනිමින් රාඡ්‍යය කළේ තුන්වන භුවනෙකබාහු රඡතුමාය. 4 වෙනි භුවනෙකබාහු රඡු ස්‌වකීය රාඡධානිය ගඟ සිරිපුරයට (ගම්පොළ) ගෙන ආයේ කුමන පරමාර්ථයෙන් ද යන වග ඉතිහාසයෙන් අනාවරණය නොවේ.
ගම්පළ යුගයේ කලාශිල්ප හමුවන ප්‍රධාන ස්‌ථාන 20 කි. ඒවා අතරින් ගඩලාදෙණි විහාරය, නුවර ලංකාතිලක විහාරය, ඇම්බැක්‌ක දේවාලය, අඑදෙණියේ ලීකැටයම් විශේෂ නිර්මාණ ඇති ස්‌ථාන වේ. එයට අමතරව අලවතුර, කටාරන්ගල, මැදවල, ගණේගොඩ, නියම්ගම්පාය, පුසුල් පිටිය, වෑගම, මොරපාය, මහනුවර නාථ දේවාලය, වල්ලහගොඩ ,දෙවිනුවර, හොරණ යන ස්‌ථානවලින් ගම්පළ යුගයේ කලාශිල්ප පිළිබඳ තොරතුරු අධ්‍යයනය කළ හැකිවේ.
පොළොන්නරු යුගයට පවා අයත්වන "ගිඤ්ඣකාවසථ" නම් වු බිත්තියම වහලයට සකස්‌කර ගැනීමේ ආරුක්‌කුවට බඳු වු ගෘහනිර්මාණය මෙහි ප්‍රකට ව ඇත. මෙම ක්‍රමය අනුරාධපුර යුගයේ සිට ම විහාර මන්දිර සඳහා භාවිත වු නිර්මාණ ක්‍රමයකි. ගඩලාදෙණි විහාරය පිළිබඳ නිර්මාණ කටයුතු සඳහා කළ වියදම් ලැයිස්‌තුවක් ද ගඩලාදෙණි පර්වත ලිපියේ එයි. පණම් ලක්‍ෂයක් හා වි පැල තුන්සීයක් මෙයට ගෙවා ඇත. විහාරංග සම්බධ ව මෙම ලිපියේ එන තොරතුරු ද ඉතා වැදගත් වේ. ප්‍රතිමා ගෘහයක් තුළ සධතුක පිළිම අනුපිළිම සක්‍ර බ්‍රහ්ම සුයාම සන්තුෂින නාථ මෛත්‍රී ආදි දේවරූප තිබිය යුතුය.
විහාරද්වාර මස්‌තකයෙහි ගාම්භීරාකාරයෙන් මකර තොරණ තිබිය යුතු අතර එහි මධ්‍යයෙහි වඡ්‍රසනාරූඩ බුද්ධ ප්‍රතිමා පිහිට විය යුතුය. බෝසත් මහා ශ්‍රාවක හා ඡන ප්‍රධානීන්ගේ රූප හා බිත්තිවල ධර්ම සංවේදී ගුණය ඡනිත කරවන්නා වු චිත්‍ර නිර්මාණය හා විහාර මන්දිර මස්‌තකයෙහි වෛත්‍ය නිර්මාණය විහාර ආරක්‍ෂවට දෙච්රඡ විමනක් දේවාලයක් විහාරබිම බෝධි වෘක්‍ෂ, ස්‌ථුප, මල් උයන්, පලතුරු උයන්, පොකුණු හා භික්‍ෂු ආරාම සන්නිපාත ශාලා ද විය යුතුය. ගඩලාදෙණියට සමානකම් ඇති ස්‌ථාන අතර – නුවර පත්තිනි දේවාලය ගල්විහාරය ආදිය වේ. ගම්පළ යුගයේ මෙන් ම නුවරයුගයේ ද ගෘහ ලක්‍ෂණ ගඩලාදෙණියෙන් හමුවේ.