* යාපහුවේ හුළං කවුඑ දෙකේ කවුඑ මත ඇති වෘත්ත 45 කි. එම මිනිස්‌රූප හා ස්වරූප නළඟනරූප – සිංහරූප හා හංසරූප කැටයම් සුවිශේෂ නිර්මාණ වේ.
* යාපහුවේ මාලිගයේ ඇති යාපහු නළගනන්ගේ කැටයම අතිශය රිද්මාත අලංකාර කැටයමකි. මෙය අත්තිවාරමට ආසන්නව නිමකොට තිබේ.
* යාපහුවේ මාලිගයේ ඇති යාපහු නළගනන්ගේ කැටයම අතිශය රිද්මාත අලංකාර කැටයමකි. මෙය අත්තිවාරමට ආසන්නව නිමකොට තිබේ.
* විශාල සිංහරූප දෙකකි. මෙම සිංහ රූපවල ඉදිරියට පනින ස්‌වරූපය ගාම්භිර බාවය ප්‍රකට කෙරේ- මෙම නිර්මාණවල චීන මුර්ති කලාවේ ලක්‍ෂණ කියාපාන්නේ ය යනු පුරාවිද්‍යාත්මක අදහස වේ.
* ගල් උඑවස්‌ස - මෙම නිර්මාණයෙහි සිංහරූප ගඡලක්‍ෂමිරූප, අරිම්බු, ගිනිදැල් රටා කීර්ති මුඛරූප, නරිරූප, සිංහරූප, ඇත් හිස් කැටයම් ගතකොට ඇත.
* සෝපාණ පෙළ මුදුනේ ඉහළ දොරටුවේ වාකවුඑ 45 උඑවස්‌සේ ඇති ගඡලක්‍ෂමී රුව විශේෂ රූපයකි. එයව දඹදෙණි යුගයතුළ නිර්මාණය කොට ඇති එක ම ගඡලක්‍ෂමි රුව වශයෙන් හැඳිනගෙන ඇත.
ගුහා විහාරයේ ඇති වියන සුවිසි විවරණයෙන් සමන්විත කොට ඇත. සත් සතිය බුදුන් දහම් දෙසීම රුවන් සක්‌මන එහි නිරූපිතය. මෙහි ඇති රුවන් සක්‌මන පොලොන්නරු ගල්විහාරයේ ඇති පරදුක්‌ඛඃ දුක්‌ඛිත මුද්‍රාවෙන් යුතු ආනන්ද හාමුදුරුවන් වහන්සේගේ ප්‍රතිමාවට සමානකමක් දක්‌වයි'
යාපහුව ස්‌ථානයෙන් ක්‍රි.පු. 3 දක්‌වා කාලයට අයිති සෙල්ලිපි ද පුරාවිද්‍යාවෙන් හැඳිනගෙන ඇත. මෙම ස්‌ථානය එකල බලකොටුවක් සහිත දළදා මාලිගාවකි. එම දළදා මාලිගය යෑයි සැක කෙරෙන ගොඩනැගිල්ල විඡයනගර කලා සම්ප්‍රදායට අයිති ගොඩනැගිල්ලකි. ගර්භ ගෘහය අන්තරාලය අර්ධ මණ්‌ඩපය වශයෙන් විඡයනගර ගෘහනිර්මාණ පාදම් ලක්‍ෂණවලින් එය නිමකොට ඇත.
ආචාර්ය සෙනරත් පරණවිතාන සුරීන්ගේ අදහස වන්නේ යාපහුව රාඡමාලිගය පාණ්ඩ්‍ය ගෘහනිර්මාණ ලක්‍ෂණවලින් සමන්විත වන බවයි.
යාපහුව රජමාලිගය
යාපහුවේ සිංහ රූප