දඹදෙණි යුගය
 
ක්‍රි.ව. 1274 - 1284 දක්‌වා රඡකළ 1 වන බුවනෙකබාහු රඡතුමාගේ රාඡ්‍ය කාලයයි. මෙම කාලය තුළ නිර්මාණය කරනු ලැබු කලා කෘති හමුවන්නේ යාපහුව රාඡ මාලිගා සංකීර්ණය ආශ්‍රයෙන් පමණි. දැනට පවතින නටබුන් අතරින් ප්‍රධාන වන්නේ ඇතුඑ හා පිට පවුරු ආශ්‍රිත දිය අගල් දොරටු මහමැදුරු ඇතුඑ නුවර විහාරය ඊසාන ප්‍රදේශයේ ගල් ගුහාව පැරණි රාඡමාලිගය සෝපානය සිංහරූප යාපහු නළගනන් සහිත කැටයම ග්‍රිල් සහිත ගල් ඡනෙලය ශිලාමය ඡනේල උඑවහු පඩිපෙළ දෙපස ඇති සිංහරූප ගඡසිංහ හා රාක්‍ෂ ශීර්ෂ සුවිශේෂ නිර්මාණ වේ.

ඇතුල් බුද්ධ මන්දිරයේ පිටිපස බිත්තියට යාබද ව ධ්‍යාන මුද්‍රාවෙන් වු බුදුපිලිමයකි. එ දෙපස විෂ්ණු පිලිම දෙකකි. මෙම නිර්මාණ 18 වන සියවසට අයිතිවේ. පැරණී රාඡ මාලිගාවේ උඑවස්‌ස උස අඩි 15 ඞ 11 ප්‍රමාණයකින් යුතු වේ.

යාපහුවේ කැටයම් කඑගල භාවිතයෙන් හා හුණුබදාමයෙන් කරනලද නිර්මාණ වන අතර එම නිර්මාණ ඉන්දියාවේ පාණ්‌ඩ්‍ය ශෛලිය බලපෑමෙන් නිර්මාණය කරන්නට ඇතැයි යනු හෝකට්‌ මහතාගේ අදහස වේ. විඡයනගර කලා සම්ප්‍රදායෙන් යාපහුවේ බොහෝ නිර්මාණවලට අභාසය ලැබී ඇත.