ගල් යුගයේ මිනිසා
 

ගල් යුගයද පැරණි, මධ්‍ය හා නව වශයෙන් යුග තුනකට බෙදේ. නව ගල් යුගයේ මිනිසා අද කාලීන මිනිසාට නෑකම් කියයි. ඔවුන් සන්නිවේදනයේ යෙදුනු අතර උසස් භාෂා හැකියාවන් තිබූ බවට සිතිය නොහැක.

ඔවුන් අතර ඉතා හොඳ කලා කරුවන් සිටි බවට ඔවුන් විසින් ගුහා වල ඇඳ ඇති රූප හා සිත්තම් වලින් පෙනේ. ගින්දර භාවිතා කළ ඔවුන්ට එය සීතලෙන් මිදීමටත්, වන සතුන්ගෙන් ආරක්‍ෂාවටත්, ආහාර පිස ගැනීමටත් උපකාරී විය. ගින්දර භාවිතා කිරීමට පෙර ඔවුන් අමු මස්, පළතුරු හා කුඩා ගෙඩි අනුභව කළහ. උයන ලද මෘදු ආහාර ඔවුන්ට ශක්තිමත්ව වැඩීමට ආධාර විය.

ගින්දර නිසා ඔවුන් අතර සමාජීය ජීවිතයකුත් සංස්කෘතියකුත් ඇතිවිය. සන්නිවේදනය නිසා ඔවුන්ගේ සිතීමේ ශක්තිය දියුණු විය. ඔවුන් ගුහාවල මෙන්ම සතුන්ගේ ඇටවලින් සාදාගත් කුඩා නිවාසද භාවිතා කළහ.

 

අප්‍රිකාවේ හා යුරෝපයේ නියෝලිතික යුගයේ මානව වාසස්ථාන හමුවී ඇති ස්ථාන







(c) Shilpa Sayura Foundation 2006-2017