නියැන්ඩර්තාල් ගැන තව දුරටත්
 

වසර හැටදාහකට පෙර හතරවන ග්ලැසියර කාලයට ප්‍රථමයෙන් විසූ නියැන්ඩර්තාල් මානවයා මධ්‍ය හා පහල පේලියෝලිතික යුගයේ ඔවුන් යුරෝපයේ තැන් තැන් වල සහ බටහිර ආසියාවේ ජීවත් වූ බවට සාක්‍ෂි තිබේ. සීතලට හුරුවූ නියැන්ඩර්තාල් මානවයා ඉන් මිදීමට රළු සම් ඇඳුම් භාවිත කරන්නට ඇත.

ඔවුන්ගේ මොළය නව මානවයාට වඩා සියයට 10% පමණ විශාල වූ අතර, ඔවුන් සත්‍ය මිනිසුන් ලෙස ගණන් නොගනී. ඔවුන් මානව වර්ගයාගේ වෙනම කුලයක් බව මානව විද්‍යාඥයෝ පවසති.

එක්හි දේශගුණය අදට වඩා ඉතා වෙනස්ය. යුරෝපයම හිමෙන් වැසී තිබිණි. එංගලන්තය හා ප්‍රංශය අතර ඕඩයක්ද නොතිබුණි. රතු මුහුදක් හා මධ්‍යධරණි මුහුද මිටියාවතක් හෝ ඈඳුනු විල් සමූහයක් වන්නට ඇත. විශාල ගොඩබිම් මුහුදක් දකුණු රුසියාව සිට මධ්‍යම ආසියාවට විහිදිනි.




එකල්හි උතුරු අප්‍රිකාවේ පමණක් උණුසුම් කාළගුණයක් තිබිණි. විශාල මැමත්, රයිනොසිරස්, බයිසන් ආදි ගොනුන්ද, පිනි මුවන්ද ආහාර

සොයමින් ශීත වෘක්‍ෂලතාදිය පසු පස වසන්ත ඍතුවේ උතුරටද, සරත් සමයේ දකුණටද සංක්‍රමණය වූහ.

නියැන්ඩර්තාල් කුඩා දඩයම් කරමින්, පළතුරු හා අල වර්ග කමින් තැනින් තැනට ඇවිද ගියේය. ඔහු මාංශ භක්ෂිකයකුට වඩා ශාක භක්ක්‍ෂිකයකු ලෙස මානව විද්‍යඥයෝ හඳුන් වති.


 

 

 

 

 

 

 

 

ඔහුගේ ආයුධ නොදුයුණු වීම නිසා විශාල සතුන් දඩයම් කිරීමට අපහසු වු අතර දිග රිටක් හෙල්ලයක් ලෙස භාවිතා කිරිමටත්, ගංගා ආදිය අසල උගුල් ඇටවීමත් පුරුදු විය. ඔහු සිරුරේ වඩාත් ලෝම සහිතව සිටින්නට ඇති අතර හරි කෙලින් සිට ගැනීමට හෑකියාවක් හෝ කතා කිරිමේ හැකියාවක් තිබුණු බව විශ්වාස නොකෙරේ.

කෙසේ උවද නියැන්ඩර්තාල් මුව අං, බෙලි කටු හා අනිකුත් ඇටකටු හා කුඩා ගල් ආයුධ සමඟ භාවිතා කළේය. ඒ අතර කුඩා අත් පොරව, ගල් හිසක් සහිත හෙල්ල වල්ද වීය.

(c) Shilpa Sayura Foundation 2006-2017