ත්‍රිකෝණයක පරිමිතිය
  පාද තුනක් ඇති සංවෘත රූපයක් ත්‍රිකෝණයක් (Triangle) නම් වේ.

අප අවට පරිසරයේ ත්‍රිකෝණ හමුවන ස්ථාන කිහිපයක් සිහිපත් කරමු.

1. පාරේ හමුවන ඇතැම් සංඥා පුවරු ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.

2. ගොඩනැගිලි වහලවල බාල්ක ද බොහෝ විට ත්‍රිකෝණාකාර හැඩයක් ගනී.

ත්‍රිකෝණයක දැකිය හැකි ලක්ෂණ සලකා බලමු.

1. ත්‍රිකෝණයක පාද තුනක් පවතී.
2. ත්‍රිකෝණයක කෝණ තුනෙහි එකතුව සෘජුකෝණ දෙකක එකතුවට සමාන වෙයි.

ත්‍රිකෝණයක පරිමිතිය

පරිමිතිය යනු යම් වස්‍තුවක වටේ දිග ප්‍රමාණයයි. ත්‍රිකෝණයක පරිමිතිය යනු එහි පාද තුනෙහි දිගවල් වල එකතුවයි.

ත්‍රිකෝණයක පරිමිතිය = පාද තුනෙහි දිගවල් වල එකතුව.

අභ්‍යාසය
1. ඔබේ නිවසේ , ගෙවත්ත , හා පාසලේ දක්නට ලැබෙන ත්‍රිකෝණ වලට උදාහරණ 3 බැගින් දෙන්න.
2. පහත රූපයේ අඩංගු වන ත්‍රිකෝණ සංඛ්‍යාව කුමක්ද?
3. පහත ත්‍රිකෝණවල පරිමිතියන් සොයන්න.
(c) Shilpa Sayura Foundation 2006-2017