සංඛ්‍යා එකතු කිරීමේදී මෙන්ම සංඛ්‍යා අඩු කිරීමේදී ද ගණක රාමුවේ මූලධර්මය යොදා ගත හැක.
අපි උදාහරණයක් මගින් මෙය පැහැදිළි කර ගනිමු.
4596
3679-
-----
====
මෙහි සිරස් පේලියෙන් පේලියට වෙන වෙනම අප අඩු කරන සැටි සළකමු.
1. හයෙන් නවයක් අඩු කළ නොහැකි බව අපි දනිමු.
එමනිසා දසස්ථානයේ ඉහළ ඇති 9න් 1ක් එකස්ථානයට ගෙන ගිය විට එකස්ථානයට 10ක් එකතු වෙයි. මේ නිසා එකස්ථානයේ ඉහළ අගය 10+6=16ක් වෙයි. මෙවිට 16න් 9ක් අඩු කළ හැක.
එවිට එකස්ථානයේ පිළිතුර 7කි.
2. මීට ඉහත පියවරේදී දසස්ථානයේ 9න් 1ක් එකස්ථානයට 10ක් ලෙස ගෙන ගිය බැවින් දැන් එහි 8ක් ඉතිරිව පවතී.
එම 8න් 7ක් අඩු කළ විට අගය 1කි. එවිට දසස්ථානයේ පිළිතුර 1කි.
3. 5න් 6ක් අඩු කළ නොහැකි බව අපි දනිමු.
එමනිසා පෙර පරිදිම දහස්ථානයේ ඉහළ ඇති 4න් 1ක් සියස්ථානයට ගෙන ගිය විට සියස්ථානයට 10ක් එකතු වෙයි. මේ නිසා සියස්ථානයේ ඉහළ අගය 10+5=15ක් වෙයි. මෙවිට 15න් 6ක් අඩු කළ හැක.එවිට සියස්ථානයේ පිළිතුර 9කි.
4. දහස්ථානයේ ඉහළ ඉතිරිව ඇති 3න් 3ක් අඩු කළ විට පිළිතුර 0කි.
එමනිසා සමස්ථ පිළිතුර 917 කි.
දෘශ්‍ය උදාහරණයක්
අභ්‍යාස.
1. පහත සංඛ්‍යා අඩු කරන්න.
i. 4569-569
ii. 7856-7849
iii. 795861-458962
iv. 32654-5621
v. 230056-224568
2. එක්තරා පන්තියක ළමුන් ගෙන් දිනක ගෙදර වැඩ නොකර සිටි ළමුන් ගණන 21 කි. ඔවුන් ගෙන් 15ක් එම අවස්ථාවේදී ගෙදර වැඩ නිම කළෝය. පන්තියේ මුළු සිසුන් ගණන 45ක් නම් දැන් ගෙදර වැඩ නිම කර සිටින මුළු සිසුන් ගණන කීයද?
1. පහත සංඛ්‍යා අඩු කරන්න.
i. 4569-569
ii. 7856-7849
iii. 795861-458962
iv. 32654-5621
v. 230056-224568
2. එක්තරා පන්තියක ළමුන් ගෙන් දිනක ගෙදර වැඩ නොකර සිටි ළමුන් ගණන 21 කි. ඔවුන් ගෙන් 15ක් එම අවස්ථාවේදී ගෙදර වැඩ නිම කළෝය. පන්තියේ මුළු සිසුන් ගණන 45ක් නම් දැන් ගෙදර වැඩ නිම කර සිටින මුළු සිසුන් ගණන කීයද?