සංඛ්‍යා ගුණ කිරීමේදී පලමුව එකස්ථානය ද දෙවනුව දසස්ථානය ද ලෙස ආදී වශයෙන් ගුණ කරනු ලැබේ.
මෙය අපි නිදසුනකින් සළකා බලමු.
126*5 යන ගුණිතය සළකමු.
මෙය පියවර වශයෙන් සුළු කිරීම පහත පරිදි සිදු කළ හැක.
6*5=30=(3*10+0) ලෙසද ලිවිය හැක.
එනම් එකස්ථානයේ 0 ද දසස්ථානයේ 3 ද වේ.
එමනිසා එකස්ථානයට අයත් සිරස් පේලියේ අගය 0 වේ.
(3)+(2*5)=13 = (1*10+3) ලෙසද ලිවිය හැක.
මෙම පේලියට එකස්ථානයේ පේලියෙන් පැමිණි 3ක් එකතු වී ඇත.
මෙහි පිළිතුර දසස්ථාන පේලියේ 3ක් ද සියස්ථාන පේලියට 1 ක් ද එකතු වෙයි.
(1)+5*1=6=(0*10+6) ලෙස ලිවිය හැක. මෙම පේලියේ පිළිතුර 6 ක් වෙයි.
දැන් 465*23 යන ගුණිතය සළකමු. මෙහි වැදගත් පියවරවල් කිහිපයක් පහත දක්වා ඇත.
1. පලමුව ගුණ කල යුතු එකස්ථානයේ සංඛ්‍යාවෙන් පෙර පරිදි සුළු කරන්න.
2. දෙවනුව දසස්ථානයේ ඇති සංඛ්‍යාවෙන් ගුණ කර ඉන් ලැබෙන පිළිතුර පළමුව ලද පිළිතුරට පහළින් දසස්ථාන පේලියෙන් පටන් ගනිමින් සඳහන් කරන්න.
3. මෙලෙස ගුණ කළ යුතු සංඛ්‍යාවේ ස්ථානය වැඩි වන විට පිළිතුර සඳහන් කරන ස්ථානයද වැඩිවෙයි.
දෘශ්‍ය උදාහරණයක්
සිරස්ව හෝ තිරස්ව
|
අභ්‍යාස :
1. පහත දැක්වෙන සංඛ්‍යා ගුණ කරන්න.
i. 564*6
ii.8612*9
iii.593*12
iv.348*26
v.7865*35
2. එක්තරා ආපන ශාලාවකට දිනකට පාන්පිටි කිලෝග්‍රෑම් 5 ක් අවශ්‍ය වෙයි.
පාන්පිටි කිලෝග්‍රෑම් 1ක මිල රු.35 ක් නම් එම ආපනශාලා හිමියාට එක් සතියකට
පාන්පිටි සඳහා දැරිය යුතු වන මුදල කොපමනද?
1. පහත දැක්වෙන සංඛ්‍යා ගුණ කරන්න.
i. 564*6
ii.8612*9
iii.593*12
iv.348*26
v.7865*35
2. එක්තරා ආපන ශාලාවකට දිනකට පාන්පිටි කිලෝග්‍රෑම් 5 ක් අවශ්‍ය වෙයි.
පාන්පිටි කිලෝග්‍රෑම් 1ක මිල රු.35 ක් නම් එම ආපනශාලා හිමියාට එක් සතියකට
පාන්පිටි සඳහා දැරිය යුතු වන මුදල කොපමනද?