මහා පරිමාණ අවශ්‍යතා තක්සේරු කිරීම
 

එක් පවුලකට සතියකට අවශ්‍යය ආහාර ද්‍රවය ප්‍රමාණය එතරම් විශාල අගයක් නොවේ.එහෙත් ගමක් හෝ නගරයක් පරිභෝජනය කරන ආහාර ප්‍රමාණය සැලකීමේදී එය විශාල අගයක් වන බව පැහැදිලිය.
මෙවැනි විශාල අගයන් තක්සේරු කිරීමේදී අගයන් ඉදිරිපත් කිරීමට අප දැන සිටිය යුතුය.

ඉතා විශාල සංඛ්‍යා හඳුනාගැනීමේ පහසුව සඳහා කලාප වලට වෙන් කර ලියයි. එය පහත උදාහරණයේ මෙන් සිදු කළ හැක.ඒ සඳහා සංඛ්‍යාවේ දකුණු පැත් තේ සිට ඉලක්‍කම් තුනෙන් තුනට හිස්‍තැනක් තැබීම හෝ කොමාවක් (,) තැබීම සිදු කළ හැක.

234685636 = 234 685 636 = 234,685,636

ඉහත සඳහන් සංඛ්‍යාව කියවීමේදී රූපයේ පෙනෙන පරිදි එක් එක් කලාපයට අදාල නමින් එය කියවිය යුතුය.

එමනිසා ඉහත සංඛ්‍යාව දෙසිය තිස් හතර මිලියන හයසිය අසූ පන් දහස් හයසිය තිස් හය වේ.

අභ්‍යාසය

1.පහත දැක්වෙන ගණක රාමු වල අගයන් සොයන්න.

 


2. පහත සංඛ්‍යා සම්මත ඇසුරින් ලියා දක්වන්න.
i. 5685396
ii. 5762462
iii. 65248915
iv. 5496221
v. 87546876

3. පහත සංඛ්‍යා ඉලක්කමෙන් ලියන්න.
i. එක් මිලියන පන්දහස් තුන්සිය හතලිස් හය
ii. එකසියතුන් මිලියන හාරසියතිස්තුන් දහස් පන්සියය

(c) Shilpa Sayura Foundation 2006-2017