සරල රේඛීය මිනුම් හා මිනුම් උපකරණ
 

අපට එදිනෙදා කටයුතු පහසු කර ගැනීම සඳහා විවිධ මිනුම් කිරීමට සිදුවෙයි.ඒ සඳහා අපි මිනුම් උපකරණ භාවිතා කරමු.
අප එදිනෙදා සිදුකරන මිනුම් කිහිපයක් හා ඒවා මැනීමට යොදාගන්නා මිනුම් උපකරණ පහත දැක්වේ.

දිග - මිටර් කෝදුව
බර - තැටි තරාදිය, දුනු තරාදිය, මේස තරාදිය
ද්රව - පරිමාණය සහිත කෝප්පය, එන්නත් සිරින්ජරය
වේගය - වේගමානය
උෂ්ණත්වය - උෂ්ණත්වමානය

අභ්‍යාසය

ඉහත මිනුම් උපකරණ වල ද ඔබ තවත් උපකරණ වර්ග ද සොයාගෙන ඒවායේ ද ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරයන් සොයා දැනගන්න.

ඉහත මිනුම් සිදුකිරීම සදහා පැරැන්නන් විසින් භාවිතා කර ඇති මිනුම් හා උපකරණ පිළිබඳ ලැයිස්තුවක් ඔබේ දැනීම පිණිස එකතු කරන්න.

මෙම උපකරණ සෑම එකකම වාගේ පරිමාණයක් අඩංගු වන බව ඔබ දැක ඇති.එම පරිමාණය පරික්ෂා කල විට එම එක් එක් අගයන් දෙකක් අතර පරතරය සමාන බව දැකිය හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017