පාරිභෝගික අවශ්‍යතා නිමානය
 

ඔබ මව හෝ පියා සමග සති පොළට යන විට ඔහු හෝ ඇය විසින් ඊළඟ සතියටම අවශ්‍ය කරන හාල් , පොල් සීනි තේ කොළ ආදිය මිලදී ගන්නා බව දැක ඇති. බොහෝ විට ඒ සඳහා ඔවුන් භාණ්ඩ අවශ්‍ය ප්‍රමානයන් පිළිබඳව ලියා ගෙන නොයයි. එහෙත් අවශ්‍ය ද්‍රව්ය පිළිබඳ දළ අදහසක් ඔවුන් මතකයේ රඳවා ගනියි. මෙලෙස එම සතියට අවශ්‍ය ද්‍රව්ය නිමානය කිරීමක් සිදුකරන බව හඳුන්වනු ලබයි.

අපද බොහෝ අවස්ථා වලදී නිමානය භාවිතා කරයි. ක්‍රිකට් තරඟයක් නරඹන විට පළමු ඕවර 20 නිමා වන විට එක් කණ්ඩායමක් ලබා ගන්නා ලකුණු පිළිබඳ දළ අගයක් අපට නිමානය කල හැකිය.




සැබෑ වටිනාකම් අප නිමානය කල අගයන්ට වඩා අඩු හෝ වැඩි විය හැක, එමනිසා නිමානය එතරම් නිවැරදි නොවේ.

නිමානය, අනුමානය හා ඇස්තමේන්තුව අතර, අතරමැදි ක්‍රියාවලියකි.

හැකිතාක් දුරට නිවැරදිව නිමානය කිරීමෙන් අපතේ යාමකින් තොරව වඩා සාර්ථක, සැලසුම් සහගත වූ ජීවිතයක් ගත කිරීමට අපට හැකිවේ.


අභ්‍යාස





1. මීළඟ සති පොළට යාමට පෙර ඔබේ මවගේ හෝ පියාගේ නිමානයන් පිළිබඳව අසා දැනගන්න.
අවශ්‍ය ප්‍රමාණයන් නිමානය කිරීම සඳහා ඔවුන්ට සහය වන්න.

2. ඔබ මෙතෙක් නිමානයන් සිදු කල අවස්ථා පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කරන්න.

3. එම එක් එක් අවස්ථාවන් සඳහා නිමානයන් සිදු කිරීමට උපකාර වූ සාධක ලියා දක්වන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017