සංඛ්‍යා බෙදීම
 

සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීමෙන් ලැබෙන පිළිතුර ලබ්ධිය ලෙස ද ඉතිරිය ශේෂය ලෙස ද හැඳින්වේ.

දොඩම් ගෙඩි 20 ළමුන් 3 දෙනෙක් අතර සමසේ බෙදා දීමේ දී එක ළමයෙකුට ලැබෙන දොඩම් ගෙඩි සංඛ්‍යාව 6 ක් වන අතර ඉතිරි දොඩම් ගෙඩි සංඛ්‍යාව 1කි.


එනම් ඉහත නම් කිරීම අනුව 20 යන සංඛ්යාව 3 යන සංඛ්‍යාවෙන් බෙදීමෙන් ලැබෙන ලබ්ධිය 6 ද ශේෂය 1 ද වේ.

මෙලෙස එකවර ලබ්‍ධිය හා ශේෂය ප්‍රකාශ කළ නොහැකි අවස්ථා වලදී දීර්ග බෙදීම සිදු කරනු ලබයි.

50, 600, 7000, 80000 වැනි ගුණාකාර 10, 100,1000 න් බෙදීමට සිදුවන අවස්‍ථා වලදී බෙදිය යුතු සංඛ්‍යාවටත් බෙදන සංඛ්‍යාවටත් පොදුවන බිංදු ගණන කපා දැමිය හැක.

උදාහරණ ලෙස 65000/200 යන බෙදීම ඉහත සඳහන් පරිදි 650/2 ලෙස සරල කර ගෙන පසුව සුළු කර ගත හැක. මෙහිදී සංඛ්‍යා දෙකටම පොදුව පැවති බිංදු දෙක බැගින් කපා හරින ලදි.

 දෘශ්‍යමය උදාහරණයක්



 

අභ්‍යාස. ලබ්ධිය හා ශේෂය ප්‍රකාශ කරන්න.

i.564/7
ii.6924/8
iii.7954/12
iv.869/9
v.45678/21

එක්තරා බේකරි හිමියෙක් දිනකට පාන් පිටි කිලෝග්රෑම් 20 කින් සාදන පාන් රාත්තල් සංඛ්යාව කීයද? (ඉඟිය: පාන් රාත්තලකට පාන් පිටි ග්රෑම් 350ක් වැය වන බවද කිලෝග්රෑම්1ක් = ග්රෑම්1000 ද වේ.)

පහත සංඛ්‍යාවලින් 2න් බෙදෙන සංඛ්‍යා තෝරන්න.
i. 2159
ii. 4683
iii. 1110
iv. 9998
v. 23561113
vi. 5864654
vii. 795622
viii. 49563510
ix. 87654
x. 975310

(c) Shilpa Sayura Foundation 2006-2017