අප ජීවත් වන පරිසරයේ තල දෙකක් අපට හඳුනාගත හැක.
1. තිරස් තලය (Horizontal)
2. සිරස් තලය (Vertical)
1. තිරස් තලය (Horizontal)
ප්‍රමාණයෙන් තරමක් විශාල ෆයිල් කවරයක් ගෙන, එය දිග හැර එහි නැමුම් දාරය නිවසේ බිත්තියත් පොළවත් යාකරන දාරයේ තැබීමෙන් ෆයිල් කවරයේ එක් පැත්තක් පොළව ස්පර්ශ කරමින් ද අනෙක් පැත්ත බිත්තිය ස්පර්ශ කරමින් ද පවතී. මෙම අවස්ථාවේ පොළව ස්පර්ශ කරමින් පවතින පැත්ත තිරස් තලයේ පවතින බව අපි හඳුන්වමු.
තිරස් තලය හඳුනාගන්නා හැටි සළකා බලමු.
වඩු බාස්වරුන් හා මේසන් බාස්වරුන් තිරස සොයාගැනීමට භාවිතා කරන්නේ ලෙවලය නැමැති උපකරණයයි. එම උපකරණය තිරස් තලයක් මත තැබූ විට එහි වායු බුබුල දර්ශකයේ හරි මැදින් පිහිටයි. ලෙවලයක ක්‍රියාකාරීත්වය සලකමු.
2. සිරස් තලය (Vertical)
ඉහත සඳහන් කල ෆයිල් කවරයේ බිත්තිය ස්පර්ශ කරමින් පවතින පැත්ත සිරස් තලයේ පවතින බව අපි හඳුන්වමු.
සිරස් තලය හඳුනාගන්නා හැටි සළකා බලමු.
මේසන් බාස්වරුන් බිත්ති බඳීමේදී හා බිත්ති කපරාරු කිරීමේදී භාවිතා කරන ලඹ කැටය නැමැති උපකරණය ඔබ දැක ඇති. මෙහිදී බිත්තිය සිරස් දැයි බැලීමට එහි ඉහල ඝණකාකාර කොටස බිත්තියේ ඉහල ස්ථානයකට ස්පර්ශ කර එහි පහළ බරැති කොටස බිත්තියේ ස්පර්ශ වේ දැයි පරිකෂා කර බලයි.
අභ්‍යාස
1. ඔබේ නිවස , ගෙවත්ත හා පාසලේ දක්නට ලැබෙන තිරස් හා සිරස් තල
වලට උදාහරණ පහ බැගින් දෙන්න.
2. ලෙවලය හා ලඹ කැටය යන උපකරණවල ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය තේරුම් ගැනීමට උත්සාහ කරන්න. ඒ සඳහා වැඩිහිටියන්ගේ ද සහය ලබා ගන්න.