ඉරට්ටේ සංඛ්‍යා.
යම් කිසි සංඛ්‍යාවක් 2න් ඉතිරි නැතිව බෙදිය හැකි නම් එම සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවකි.තවද ඕනෑම සංඛ්‍යාවක අග ඇති ඉලක්කම 2න් බෙදේ නම් එය ඉරට්ටේ සංඛ්‍යාවක් බව පහසුවෙන් හඳුනාගත හැක.
උදා: 2, 8, 32, 56, 4 568, 7 596 122,
ඔත්තේ සංඛ්‍යා
යම් කිසි සංඛ්‍යාවක් 2න් ඉතිරි නැතිව බෙදිය නොහැකි නම් එම සංඛ්‍යාව ඔත් තේ සංඛ්‍යාවකි. ඉහත පරිදිම ඕනෑම සංඛ්‍යාවක අග ඇති ඉලක්කම 2න් නොබෙදේ නම් එය ඔත් තේ සංඛ්‍යාවක් බව පහසුවෙන් හඳුනාගත හැක.
උදා: 3, 9, 7, 59, 465, 1 637
ප්‍රථමක සංඛ්‍යා.
සාධකයක් යනු කිසියම් සංඛ්‍යාවක් ඉතිරි නැතිව බෙදිය හැකි සංඛ්‍යාවක් බව අපි මීට ඉහතදී ඉගෙන ගතිමු. එකිනෙකට වෙනස් සාධක 2ක් පමණක් ඇති සංඛ්‍යා ප්‍රථමක සංඛ්‍යා නම් වේ.
ප්‍රථමක සංඛ්‍යාවල ප්‍රධාන ලක්ෂණ 2ක් ඇත.
1. 1 යන්න ඕනෑම ප්‍රථමක සංඛ්‍යාවක සාධකයකි.
2. එහි අනෙක් සාධකය එම සංඛ්‍යාවම වෙයි.
උදා:2, 3, 5, 7, 23
1 යන්න ප්‍රථමක සංඛ්‍යාවක් නොවේ. ඊට හේතුව නම් එයට ඇත්තේ එක් සාධකයක් පමණි. එනම් 1ය.
අභ්‍යාස.
1. පහත සංඛ්‍යා ඉරට්ටේද නැතහොත් ඔත්තේ ද යන්න සොයන්න.
31 54 65 98 4 6 35 98 354 89 65 89 762 8 798 7362 687 6 5987 9 53 249 64 98 656
2. 20 සිය 100 තෙක් ඇති ප්‍රථමක සංඛ්‍යා ලියා දක්වන්න.
3. ප්‍රථමක සාධක වල ගුණිතයක් ලෙස ලියා දක්වන්න.
i. 12
ii. 14
iii. 22
iv. 80
v. 90
vi. 26
vii. 56