සංඛ්‍යා එකතු කිරීම
 

එදිනෙදා කටයුතු වලදී අපට නැතිවම බැරි සුළු කිරීමකි එකතු කිරීම. ඔබට මීට පෙර වසර වලදී ඉගෙනගත් ගණක රාමුව මතක ඇති. සංඛ්‍යා එකතු කිරීමේදී ගණක රාමුවේ මූලධර්මය භාවිතා වෙයි.

එහි සිරස් කූරු 4ක් 5ක් පමණ තිබුනු බවත්, එම කූරු දකුණේ සිට වමට පිළිවෙලින් එකස්ථානය, දසස්ථානය, සියස්ථානය, දහස්ථානය, ආදී වශයෙන් නම් කර ඇති බවද ඔබට මතක ඇති.

මෙහි මූලධර්මය තේරුම් ගැනීමට අපි උදාහරණයක් සළකමු.
ද.සි.ද.එ
4659
1251+
-------
====
මෙහි සිරස් පේලියෙන් පේලියට වෙන වෙනම අප එකතු කරන සැටි සළකමු.

9+1=10=10+0 වේ. මෙය එකස්ථානයේ 0 ලෙස හා දසස්ථානයේ 1 ලෙස දැක් විය හැක.


එනම් මෙම පේලියේ පිළතුර 0 ද දසස්ථාන පේලියට 1 ක් එකතු වෙයි.
9
1+
--
0
==
(1)+5+5=11=10+1 වේ.මෙය දසස්ථානයේ 1 ලෙස හා සියස්ථානයේ 1 ලෙස දැක් විය හැක. එනම් මෙම පේලියේ පිළතුර 1 ද සියස්ථාන පේලියට 1 ක් එකතු වෙයි.
(1)
5
5+
---
1
==

(1)+6+2=9=0+9 වේ.මෙය සියස්ථානයේ 9 ලෙස හා දහස්ථානයේ 0 ලෙස දැක් විය හැක. එනම් මෙම පේලියේ පිළතුර 1 ද සියස්ථාන පේලියට කිසිවක් එකතු නොවෙයි.
(1)
6
2+
---
9
==

4+1=5=0+5 වේ.මෙය දහස්ථානයේ 5 ලෙස හා දසදහස්ථානයේ 0 ලෙස දැක් විය හැක. එනම් මෙම පේලියේ පිළතුර 5 ද දසදහස්ථාන පේලියට කිසිවක් එකතු නොවෙයි.
4
1+
--
5
==

දෘශ්‍ය උදාහරණයක්


අභ්‍යාසය.
1. පහත සංඛ්‍යා එකතු කරන්න.
1.13549 + 65492
2.64625 +2546+ 565
3.10000+10001+101+1
4.8096+4769+506
5.46892+568+100001

2. එක්තරා ප්‍රදර්ශනයක් නැරඹීමට දින පහක් තුල පැමිණි නරඹන්නන් සංඛ්‍යාව පිළිවෙලින් 3262, 2102,1026,3056 හා 4298 ක් වෙයි. දින පහ තුළදීම පැමිණි මුළු නරඹන්නන් සංඛ්‍යාව කොපමණද?

(c) Shilpa Sayura Foundation 2006-2017