Angles
රේඛා දෙකක් හමුවීමෙන් සෑදෙන හැඩයකට කෝණයක් යැයි කියනු ලැබේ.
නිවසේදී අපට හමුවන කෝණ කිහිපයක් සිහිපත් කරමු.
1. කතුරක තල දෙක අතර සෑදෙන කෝණ.
2. ලියුම් කවරයක හෝ තැපැල් පතක දාර අතර කෝණ.
3. ඔරලෝසුවක මිනිත්තු කටුව හා පැය කටුව අතර සෑදෙන කෝණ.
කෝණ වර්ග
තැපැල් පතක දාර දෙකක් හමුවන ස්ථානයේ දක්නට ලැබෙන කෝණ වර්ගය සෘජු කෝණය (Right Angle) නම් වේ.
ඔරලෝසුවක වේලාව ප.ව. (හෝ පෙ.ව.) 1.00 හා 2.00 වන විට දක්නට ලැබෙන කෝණ වර්ගය සෘජු කෝණයට වඩා කුඩා වන බව ඔබ දැක ඇත. එම කෝණ වර්ගය සුඵ කෝණය (Acute Angle) නම් වේ.
සෘජු කෝණයකට වඩා විශාල එහෙත් සෘජු කෝණ දෙකකට වඩා කුඩා වන කෝණ මහා කෝණය (Obtuse Angle) නම් වේ. වේලාව ප.ව. (හෝ පෙ.ව.) 4.00 හා 5.00 වන විට මෙම කෝණ දක්නට ලැබේ.
වේලාව ප.ව. (හෝ පෙ.ව.) 6.00 දක්වන විට ඔරලෝසුවක කටු සරල රේඛාවක පිහිටයි. මෙවිට ඔරලෝසු කටු අතර සෑදෙන කෝණ වර්ගය සරල කෝණය (Straight Angle) නම් වේ. මෙම කෝණය ප්‍රමාණයෙන් සෘජු කෝණ දෙකකට සමාන වෙයි.
වේලාව ප.ව. (හෝ පෙ.ව.) 7.00 සිට ඉදිරියට ඔරලෝසු කටු මගින් දක්වන කෝණ වර්ගය පරාවර්ත කෝණය ( Reflex Angle) නම් වේ. මෙම කෝණය ප්‍රමාණයෙන් සරල කෝණය ට වඩා විශාල වෙයි.
අභ්‍යාස :
1. ඔබේ නිවසේ , ගෙවත්තේ හා පාසලේ දක්නට ලැබෙන එක් එක් කෝණ වර්ගයට අයත් උදාහරණ දහය බැගින් දෙන්න.
2. කතුරක තල දෙක අතර සෑදෙන කෝණ වර්ග නම් කරන්න.
3. එක් එක් ඔරලෝසුවල කටු අතර ඇති කෝණ වර්ගය නම් කරන්න.
සජීවී කෝණ අභ්‍යාසය