බර ආශ්‍රිත මිනුම්
 

Weight
වෙළෙඳපොළට ගිය විට විවිධ තරාදි ඇසුරින් බර කිරනා අයුරු ඔබ දැක ඇති. තැටි තරාදිය විද්‍යුත් තරාදිය වැනි විවිධ තරාදි ඒ සඳහා භාවිතා වෙනවා.

ප්‍රධාන වශයෙන් වෙළෙඳපොළේදි බර කිරීම් සිදු කරන්නේ ග්රැම් හෝ කිලෝග්රැම් වලිනි. මෙයට අමතරව රාත්තල් මඟින්ද, පැරණි සිංහල මිනුම් ක්‍රමයට අනුව ආයුර්වේදයේදී 'කලං, මන්චාඩි' වලින්ද ඉදහිට බර කීරිම සිදු කෙරේ. ඒවා ග්රෑම් අතර සම්බන්ධයක්ද තිබෙනවා.

කුමන ඒකකයකින් මැනීම කළද වස්තුවේ බර එකම වේ. එහි අගය පමණක් කිරුම් ඒකකය මත වෙනස් වේ.

මෙට්‍රික් ක්‍රමයට අනුව ග්රැම් 1000 කිලෝග්රැම් 1 ක් ලෙස අර්ථ දැක්වේ.

අභ්‍යාස

පහත දැක්වෙන ග්රැම් ප්‍රමාණ කිලෝග්රැම් වලින් දක්වන්න.
1000 g =
3000 g =
7000 g =
2500 g =
250 g =

පහත දැක්වෙන ග්රැම් ප්‍රමාණ කිලෝග්රැම් හා ග්රැම් වලින් දක්වන්න.
1700 g =
2300 g =
750 g =
5060 g =

එකතු කරන්න.

1Kg + 500g=
2Kg + 750g=
3Kg + 600g=
4Kg 450g=

බර පරිවර්ථකය - ඔබේ බර විවිධ ඒකක වලට පරිවර්ථනය කර බලන්න
















































බර

ඒකකය
   
ගණනය කළ පිළිතුරු
Grams (g)
Kilograms (kg)
Milligrams (mg)
Grains
Ounces (oz)
Newtons
Pounds (lb)
Taels (Singapore):
Taels (Republic of China)
Carats (ct)

 
(c) Shilpa Sayura Foundation 2006-2017