සන්නිවේදනය සඳහා සංකේත
 

ඔබ පාරේ යන විට මාර්ග සංඥා දැක ඇතුවාට සැකයක් නැත. මාර්ග සංඥා වැනි සංකේත භාවිතයෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද ?

භාෂාව ප්‍රශ්නයක් කර නොගෙන ඕනෑම අයකුට යමක් පැහැදිලි කිරීමයි. ඈත අතීතයේ සිටම මිනිසා සංකේත භාවිතා කර ඇති බව පැහැදිලියි.ඇත්තටම මිනිසා ආරම්භයේ කථා කලේ හස්ත සංකේත වලින්.

ගණිතයත් රඳා පවතින්නේ සංකේත මතයි. ඒ නිසයි ලෝකයේ සියල්ලටම එකම ගණිත ක්‍රමය, සංඛ්‍යා තේරුම් ගත හැකි වී ඇත්තේ.

 

 

 

ජාත්‍යන්තර මාර්ග සලකුණු




ගණිතයේදී අප භාවිතා කරන සංකේත කිහිපයක්:
+ එකතු කිරීම
- අඩු කිරීම.
x ගුණ කිරීම.
÷ බෙදීම.
= සමානයි
> විශාලයි.
< කුඩායි.

පහත දැක්වෙන ප්‍රකාශන සංකේත මඟින් දක්වන්න.

අටට, පහක් එකතු කරන්න.
දහයෙන්, තුනක් අඩු කරන්න.
විසිපහ දෙගුණ කර එයට 10 ක් එකතු කරන්න.
විස්සෙන් හතරක් අඩු කරන්න
සියයට, හතළිහ එකතු කරන්න

(c) Shilpa Sayura Foundation 2006-2017