ආලෝක තරංග වාදය
 
ආලෝකයේ හැසිරීම් පැහැදිලි කර ගැනීමට විද්‍යාඥයන් වාද කීපයක් බිහි විය.
ආලෝක තරංග වාදය අදටත් පිළිගන්නා වාදයකි.
.
1960 දී ක්‍රිස්ටියන් හයිජන් (Christian Huyghens) විසින් මේ වාදය ඉදිරිපත් කරන ලදී.
ආලෝක තරංග වාදය අනුව ආලෝකයට පහත දැක්වෙන ගුණ ඇත.

ආලෝකය තරංගයක් ආකාරයෙන් සම්ප්‍රේෂණය වේ.
ආලෝක තරංග වල සම්ප්‍රේෂණය සදහාමාධ්‍යයක් අවශ්‍යය නෙවේ.
ආලෝකයරික්තකයක් තුළින් හෝවාතය තුළින්
3×108 ms-1 ප්‍රවේගයකින් ගමන් කරයි.
ආලෝකය ,ජයල ,වීදුරැ වැනි වෙනත්පාරදෘශ්‍ය මාධ්‍යයක්
තුළින් ගමන් කරණ විට එහිප්‍රවේගය ඉහත අගයට වඩා අඩු වේ.
මෙවැනි ලක්ෂණ වළින් යුත් තරංග විද්‍යුත් චුම්බක තරංග ගණයට අයත් වේ.
විද්‍යුත්චුම්බක තරංගතීරයක් තරංග නමින් ද හදුන්වයි.
මේ අනුව ආලෝකය රික්තකයක් තුළින්ද පාරදෘශ්‍ය මාධ්‍යයක් තුළින්ද ගමන් කළ හැකි තීරයක් තරංග ගණයට අයත් විද්‍යුත් චුම්බක තරංග වළින් සමන්විත වේ.
 

 ඉහත රෑපයේ පරිදි තීරයක් තරංගයේ ඉහළින්ම තිබෙන ඕනෑම ශීර්ෂ දෙකක් අතර දුරලැම්ඩා (λ) වේ. ලැම්ඩා (λ) යනුතරංග ආයාමයයි.

ආලෝකය සමන්විත වන විද්‍යුත් චුම්බක තරංග විවිධ ආයාම වලින් යුක්ත වේ.
මෙම තරංග ආයාම වල පරාසය අනුව ආලෝකය ප්‍රධාන වශයෙන් වර්ණ හතකට වෙන් වේ.
එම වර්ණ හත, සංඛ්‍යාතය වැඩිවන පිලිවලට සකස් කළ විට රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් යන පිළිවෙළ දක්වයි.
ආලෝකයේ වර්ණ, තරංග වලතරංග ආයාමය අනුව තීරණය වේ.
 දැකීමට උපකාර වන ආලෝකයදෘශ්‍යය (Visible Light) ආලෝකය ලෙස හැදින්වේ.
විවිධ තරංග ආයාම වලින් යුක්ත ආලෝක තරංග එහි පරාසය අනුව අනුපිළිවෙළින් ගත් කල එයදෘශ්‍යය වර්ණාවලිය (Visible Spectrum) ලෙස හැදින්වේ.
 
(c) Shilpa Sayura Foundation 2006-2017