පරිපූර්ණ සංඛ්‍යා
 

සංඛ්‍යාවක සියලුම සාධක අතුරින් එම සංඛ්‍යාව හැර ඉතිරි සාධකවල එකතුවෙන් එම සංඛ්‍යාවම ලැබෙයි නමි එවැනි සංඛ්‍යා "පරිපූර්ණ සංඛ්‍යා" වේ.

නිදසුන් : 6 හි සාධක 1, 2, 3, 6
6 හැර ඉතිරි සාධකවල එකතුව 1 + 2 + 3 = 6
එම නිසා 6 පරිපූර්ණ සංඛ්‍යාවකි.

නිදසුන : 4 හි සාධක 1, 2, 4
4 හැර ඉතිරි සාධකවල එකතුව 1 + 2 = 3
එම නිසා 4 පරිපූර්ණ සංඛ්‍යාවක්‌ නොවේ

 
(c) Shilpa Sayura Foundation 2006-2017