ඉලක්‌කමි දර්ශක
 

සංඛ්‍යාවක්‌ සෑදී ඇති ඉලක්‌කමිවල අගයන්ගේ එකතුව 10ට අඩු තනි ඉලක්‌කමක්‌ ලැබෙන තෙක්‌ එකතු කිරීමෙන් ලැබෙන අගය එම සංඛ්‍යාවෙ ඉලක්‌කමි දර්ශකය වේ.

නිදසුන් :
5728 හි ඉලක්‌කමි දර්ශකය වන්නේ
5 + 7 + 2 + 8 = 2 + 2 = 4

39576 හි ඉලක්‌කමි දර්ශකය වන්නේ
3 + 9 + 5 + 7 + 6 = 3 + 0 = 3

ඔබේ උපන්දිනයේ ඉලක්කම් දර්ශකය කුමක්ද ?
ඔබේ මවගේ හා පියාගේ උපන් දින ඉලක්කම් දර්ශකය කුමක්ද ?

ඔබේ, ඔබේ මවගේ, පියාගේ උපන් දින ඉලක්කම් දර්ශක වල ඉලක්කම් දර්ශකය කුමක්ද ?

උදාහරණයක් :
ඔබ 1994.01.28=1+9+9+4+1+2+8=30=3+0=3
මව 1969.11.09=1+9+6+8+1+1+0+9=35=3+5=8
පියා 1967.08.18=1+9+6+7+0+8+1+8=40=4+0=4

ඔබ තිදෙනාගේ ඉලක්කම් දර්ශක වල ඉලක්කම් දර්ශකය
3+8+4=15=1+5=6

උපන්දිනයේ ඉලක්කම් දර්ශකය ස්වකීය වාසනාවන්ත අංකය ලෙස සැලකීමට සමහරු පුරුදුව සිටිති.

ක්‍රියාකාරකමක්:
ඔබ පවුලේ සියල්ලන්ගේ වාසනාවන්ත අංකය ලබාදෙන්න?
ඔබ සියලු දෙනාට පොදු ඉලක්කම් දර්ශකය සොයන්න?

 
(c) Shilpa Sayura Foundation 2006-2017