ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසික කාල රේඛාව
 

පුරාවිද්‍යාමක තොරතුරු අනුච ශ්‍රී ලංකා ප්‍රාග් ඓතිහාසික කාල සටහන පහත පරිදි යයි සිතිය හැක.

ක්‍රි.පූ. 700000 පුරාවිඳ්‍යාඥයින්ට අනුව ශ්‍රී ලංකාව වසර 700,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික වාසස්ථානයක් බවට පත්ව තිබුණු බවත් වසර 500,000 පෙර ඔවුන් ගින්දර භාවිතා කරන්නටත් පටන් ගත් බවත් සැලකේ.

ක්‍රි.පූ.123,000 - ලංකාවේ හමුවුනු පැරණිම මිනිසා දකුණු පලාතේ අම්බලන්තොට ආසනනයේ පතිරාජවෙල හමුවුනු මිනිසෙකුගේ ඇට සැකිලි හා ගල් ආයුධ හමුවීම. මෙම ලාංකික මිනිසා නියෑන්ඩර්තාල් මානවයාට වසර 20,000 කට පෙර ජිවත වූ බව නිර්ණය කර ඇත. ඔවුන් තෙත් කළාපයේ වර්ග කි.මී 1 කට 0.85-1.5 අතර ජනගහණයකින් යුතුවූ බවද කුඩා පවුල් එක දෙක ලෙස වාසය කළ බවද විශ්වාස කෙරේ. පතිරාජවෙලදි හමුවූ ගල් පතුරක් හා ගල් මෙවලමක් වසර ක්‍රි.පූ. 75,000 - 125,000 to 75,000 අතර කාලයට අයත් බව සැලකේ.

ක්‍රි.පූ. 80000 - සිංහයින්, රයිනෝසිරස් හා හිපපොටේමස් සතුන්ගේ ක්‍රි.පූ. 80000 කාලයේ පොසිල රත්නපුර දිස්ත්‍රික්කයේ කැණීම් වලින් හමුවී ඇත. ඒ අතරම විශාල තිරිවාණා කැපුම් උපකරණද වෙනත් ගල් ආයුධද හුවී ඇත. එප්පාවලදී හමුවූ මිනිස් කැලෝටයද මෙම කාලයට අයත් බව කියවේ. බුන්දල ප්‍රදේශයෙන් හමුවූ මිනිසා මෙම කාලයට අයත්ය.

ක්‍රි.පූ. 30500
පාහියන් ගුහාවේ තිඹු හමුවූ මිනිස් වාසස්ථාන සාක්‍ෂි අතර සහල්, කුරහන් සහ ලුණු විය. එය ලෝකයේ පැරණිම ආහාර පරිභෝජන සාක්‍ෂි අතරට එක්වී ඇත.
මේ අතර මෑතකදී බුලත්සිංහල යටගම්පිටියේදී හමුවුනු කාන්තා සිරුරේ කොටස් අතර කුරහන් හා ලුණු තිබිණි. පුරාවිද්‍යාඥයෝ ඇයව කළු මැණිකා ලෙස නම් කළහ. ඇය දකුණු ආසියාවේ ප්‍රථමයෙන් හමුවූ නව මානවයා ය. (anatomically modern).

උස අඩි 150කින් හා අඩි 282 දිග පාහියන්ගල දකුණු ආසියාවේ විශාලතම ස්වාභාවික ගුහාවයි. එයට මානවයින් 1000 කට වත් නවාතැන් සපයන්නට හැක.
6 වන ශත වර්ශයේ ලංකාවට ආ ෆාහියන් භිකක්‍ෂුව මෙහි සිටි නිසා එයට ඒනම ලැබී ඇත.

ක්‍රි.පූ. 28500
ඉතා උස හා සවිමත් බලන්ගොඩ මානවයා බටදොඹ ලෙනේ වාසය කළේය. පිරිමින් සෙ.මී 174 ක් පමණ උස වූ අතර ගැහැණු සෙ.මී. 166 පමණ උස විය. ඒ අනුව අද සිටින ලාංකිකයන්ට වඩා උසින් වැඩි බව පෙනේ. ඔවුන්ගේ ඇටකටු ඉතා සවිමත් වූ අතර ඝන හිස් කබලක්ද ඉදිරියට නෙරා ආ නලළක්ද, සවිමත් හකු හා කෙටි බෙල්ලක්ද විය. සමහර මෙම ලක්‍ෂණ සිංහලයින් හා මිශ්‍ර නොවු වැද්දන්ගේ දක්නට ඇත.

මෙම කාලයේදීම ඔවුන් මන්නාරම, විල්පත්ත, හෝර්ටන් තැන්න එනම් මහ-එළිය, බුන්දල පවුල් වශයෙන් වාසය කළ බවට සාක්‍ෂි ඇත. සබරගමුව සිංහරාජ ආදී වනාන්තරද ඔවුන්ගේ වාසස්ථාන විය.

මොවුන්ගේ ජීවන ක්‍රමය ලංකාවේ වැදි, ඉන්දියාවේ කදර්, මාලපනතරම්, චෙන්චස් හා ඉනදුනීසියාවේ අන්දමන් දූපත් ගෝත්‍රික ජීවන ක්‍රමයට සමාන වන්නට ඇත. ඔවුන් වාර්ෂික චක්‍රයක තැනින් තැනට ආහාර සොයා යන්නට ඇත.

බෙලිලෙන, බටදොඹ ලෙන ආදී ස්ථාන වලින් සොයාගත් ආභරණ වලින් මුහුදු සිප්පි, විනිවිද පෙනෙන වීදුරු ගලින් තැනූ ආභරණද, ලුණුද ඔවුන් මුහුදු බඩ සමග භාණඩ හුවමාරු කරගන්නා ආකාර වෙළදාම් කළ බව සිතිය හැක. ඉන් මුහුදු බඩ හා කඳුකරය යාවන මානව සන්නිවේදන ජාලයක් තිබූ බවට සිතිය හැකිය.

ඒ අතරම බලන්ගොඩ මුනිසා මළවුන් භූමදාන කිරීමේ චාරත්‍ර අනුගමනය කළ බවට ෆාහියන් ලෙන හා රාවණා ඇල්ල ලෙනේ කැණීම් වල හමුවූ ඇට වල රතු හිරියල් චාරිත්‍රානුකූලව වකා තිබීම සාක්‍ෂි දරයි.

බටදොඹ ලෙනෙන් හමුවූ ඉතාම වැදගත් සාධකයක් නම් යුරෝපීයන් ක්‍රි. පූ. 12,500 පමණ භාවිතා කළැයි සැලකෙන ජ්‍යාමිතික ගල් උපකරණයකි. බටදොඹ මිනිසා එය යුරෝපීයන්ට වඩා වසර 16,000 පෙර භාවිතා කළැයි සිතිය හැක.

සෙ. මී. 4ක් පමණ දිහ මෙම කුඩා ගල් උපකරණ තිරිවානා ගලෙන් අඩ සඳක, ත්‍රිකොණාකාර හෝ ත්‍රපීසාහ හැඩයන්ට සාදා තිබෙන අතර එය මෙසෝලිතික කාලය සම්ප්‍රදායකි. යුරෝපයේ මෙසෝලිතික සම්ප්‍රදායන් ක්‍රි.පූ. 12500 පමණ කාළයේ ඇතිවූ අතර ක්‍රි.පූ. 28500 කාලයේ ලංකාවේ බටදොඹ ලෙනේ හා බුන්දල එවන් සම්ප්‍රදායන්වල ගල් උපකරණ පැවති බව මවිතයට කරුණක් විය. දකුණු අප්‍රිකාවේ හා සයරේ ප්‍රදේශවලද ක්‍රි.පූ. 27,000 පමණ කාලයේ මෙවන් ජ්‍යාමිතික ගල් උපකරණ හමුවී ඇත.


ක්‍රි. පූ. 27,000 බෙලි ලෙන - කිතුල්ගල
මුහුදුබඩින් ගෙන ආ ලූණු පිළිබඳ සාක්‍ෂි හමුවී ඇත.

ක්‍රි. පූ. 15,000 හෝර්ටන් තැන්න
ලෝකය කෘෂිකර්මයට පා නගන්නට පෙර වගා කළ බාර්ලි හා සත්ව පාලනය කළ ඇෆ්ගනිස්ථානයේ ගායිමාර් හා කුප්රුක් හිද පකිස්ථානයේ මෙහෙගා හිද කි.පූ. 7,000-6,000 කාලයේ නියෝලිතික යුගයට අයත් මෙවන සාක්‍ෂි ඇත. ඉන්දියාවේ රාජස්ථානයේ ක්‍රි.පූ. 7,000 පමණ සතුන් පාලනයද හා කොල්ඩිවා හි කුඹල් කර්මානතයටද , දකුණු ඉන්දියවේ නිල්ගිරි කඳුවලද කෘෂිකර්මාන්ත සාක්‍ෂි හමුවීමෙන් ලාංකිකයින් මානව වංශ කථාවේ ඉදිරියෙන් සිටි බවට සිතිය හැක.


ක්‍රි. පූ. 15000 - සූරියකන්ද මාළ හා ඉදිකටු භාවිතය
ඇඹිලිපිටිය සූරියකන්දේ කාන්තා ශරීර කොටස් සමග හමුවූ වීදුරු ගලින් තැනු මාළය හා ඉදිකටු

ක්‍රි. පූ. 10500 - කෑගල්ල අත්තනගොඩ මානව වාසස්ථාන

6500 BC - ඇඹිලිපිටිය බෙලලන් බැඳි පැලැස්ස
මෙය විවෘත මානව වාස භූමියක් වන අතර විවිධ ආහාර පරිභෝජනය කළ බවටත් සතුන් ඇති කළ බවටත් සාක්‍ෂි ඇත. වල්දෙල්, කෙසෙල්, රටකජු ඒ අතර වේ. ඔවුන්ගේ ශරීර ඉතා ශක්තිමත් වීය.


ක්‍රි. පූ. 6300 - දොරවක කන්ද
කෑගල්ල ආසන්නයේ පිහිටි දොරවක කන්ද ක්‍ෂුද්‍රශිලා හා කුඹල් කර්මාන්තය බලන්ගොඩ මෙසෝලිතික සංස්කෘතිය සංක්‍රමණය වීමක් ලෙස සැලකිය හැක.

ක්‍රි. පූ. 6300 - මහමෙවුනා උයනේ කැනීම්

අනුරාධපුරයේ මහමෙවුනා උයනේ කළ කැණිම් වලින් වසර ක්‍රි. පූ. 6300 පමණ කාළයේ අසුන් භාවිතා කළ බවට සාක්‍ෂි තිබේ. විජය කුමරු ලංකාවට පැමිණියේ ක්‍රි.පූ 483 දීය.

ක්‍රි. පූ. 6000 - පල්ලේමලළ
පයාග් ඉතිහාසික යුගයට අයත් ගිනිඋදුනක්, ඇඹරුම් ගලක්, භුමදාන ස්ථානයක්, රළු ඇඳුම් හම්බන්තොට වියලි කළපුවක හමුවිණි. ඔවුන් එහිදී දඩයම් කරමින්, මාළු බාමින් අහර සොයාගත් අතර මලවුන්ද එහිම මිහිදන් කළහ. ඔවුන් රළු ගල් ආයුධ හා ඇටවලින් සෑදූ තියුණු යොදාගෙන මුවන්, ඌරන් හා ගෝනුන් දඩයම් කළහ. මස් පුළුස්සාගන කෑහ.

මසුන් හා උරගයින් සාමාන්‍ය ආහාරයක් වීය. ඔවුන් සම් ඇඳුම් ඇන්දාහ. මෙහි වැඩිහිටි ඇටසැකිලි හතක් හමු වී ඇත. මෙහි අවම වශයෙන් 15 දෙනකු වත් ජීවත් වූ බව සැලකේ.

ක්‍රි. පූ 4000 - ප්‍රාග් ඓතිහාසික සුසාන භූමිය :

දඹුල්ලේ ඉබබන්කටුව වැවේ කැණිමෙන් ප්‍රාග් ඉතිහාසික සුසාන භූමියක් හමුවී ඇත.


ක්‍රි. පූ 3500 - 150 දෙනකුට යා හැකි ඔරුව

ලීයෙන් තැනූ 150 දෙනකුට යා හැකි ප්‍රාග් ඓතිහාසික ඔරුවක් අත්තනගල්ලේ ඔයෙන් හමුවිණි. මෙය ජලය අනුබද්ධිත හොඳ ගමනාගමන ක්‍රමයක් පැවති බවට සාක්‍ෂියකි.

ක්‍රී. පූ. 3000 - සීගිරිය ආලක මන්දාව
සීගිරිය රාවණාගේ ආලකමන්දාව ලෙස සමහරු සැක කරති. මේ පිළිබඳව තවත් පරීක්‍ෂණ කරන්නේ නම් වටනා සාක්‍ෂි මතු කර ගත හැක.

(c) Shilpa Sayura Foundation 2006-2017