ගූණාකාර යනු යම් සංඛ්‍යාවක් විවිධ පූර්ණ සංඛ්‍යා වලින් ගූණ කිරීමෙන් ලැබෙන සංඛ්‍යා එම සංඛ්‍යාවේ ගූණාකාරය.
නිදසුන :
2 ගූණාකාර 2, 4, 6, 8, 10.............,1000
5 ගූණාකාර 5, 10, 15, 20, 25.............,1005
7 ගූණාකාර 7, 14, 21, 28, 35.............,707
12 විවිධ සංඛ්‍යාවල ගූණාකාරයක් ලෙස දැක්‌වූ විට :
1 * 12 = 12
2 * 6 = 12
3 * 4 = 12
4 * 3 = 12
6 * 2 = 12
එම නිසා 12 : 1, 2, 3, 4, 6, 12 යන සංඛ්‍යා වල ගුණාකාරයක් වේ.
ගුණාකාර ආශ්‍රිත අභ්‍යාසය
(1) 50ට අඩු 6 ගුණාකාර සියල්ල ලියන්න.
(2) 50 - 70ත් අතර 3හි ගුණාකාර සියල්ල ලියන්න.
(3) 2හි හා 3හි ගුණාකාර වන සංඛ්‍යා 3 ක් ලියන්න.
(4) 4හි හා 5හි ගුණාකාර වන සංඛ්‍යා 3ක් ලියන්න.
(5) පහත දැක්‌වෙන්නේ කුමන සංඛ්‍යා වල ගුණාකාරයක් දැයි ඉදිරියෙන් දක්‌වන්න.
1. 22, 24, 26, 28 ..............
2. 55, 66, 77, 88 ..............
3. 24, 32, 40, 48 ..............
4. 18, 27, 36, 45 ...............
(6) 24 සංඛ්‍යා දෙකක ගුණිතයක් ලෙස ලිවිය හැකි සියලුම ආකාර ලියන්න.
ඒ අනුව 24 ගුණාකාරයක් වන්නේ කුමන සංඛ්‍යා වලද ?
(7) 36 සංඛ්‍යා දෙකක ගුණාකාරයක් ලෙස ලිවිය හැකි සියලුම ආකාර ලියන්න.ඒ අනුව 36 ගුණාකාරයක් වන්නේ කවර සංඛ්‍යා වලද ?