නිමානය පිළිබඳ දැනුම ඇගයීම
 



(1) සපත්තූ ජෝඩුවක මිල රු. 799.90 කි.එවැනි සපත්තූ ජෝඩු 19ක මිල ආසන්න වශයෙන් නිමානය කරන්න.

(2) කමිබි පස්‌ පොටක්‌ ගැසූ සෘජුකෝණාස්‍රාකාර වත්තක වැටක දිග මීටර 30ක්‌ හා පළල මීටර 20ක්‌ වේ. වත්ත වටේ කමිබි පොටවල් 5ක්‌ ගැසීමට අවශ්‍ය කමිබිවල දිග අනුමාන කරන්න.

(3) නිවසක්‌ තැනීමට වර්ග මීටර 1ක්‌ සඳහා රු. 957.00 වැය වේ. මීටර 23ක්‌ දිග මීටර 15ක්‌ පළල නිවසක්‌ තැනීමට වැයවන මුදල සොයන්න.

(4) වත්තක වැඩ කරන, රු. 132.00ක දෛනික වැටුප් ලබන සේවක සංඛ්‍යාව 10කි. රු. 106.50ක දෛනික වැටුප් ලබන සේවකයින් සංඛ්‍යාව 5කි. මොවුන් සඳහා වැය වන දෛනික වැටුප කොපමණද ?

(5) වර්ග මීටර 1ක ප්‍රමාණයක පැළ 10ක්‌ සිටුවිය හැකි නමි මීටර 98ක්‌ දිග, මීටර 71ක්‌ පළල ඉඩමක සිටුවිය හැකි පැළ ප්‍රමාණය නිමානය කරන්න.

 
(c) Shilpa Sayura Foundation 2006-2017