නිමානය හැඳින්වීම
 

නිමානය යනු උපකරණයක්‌ භාවිත නොකර, ගණනය කිරීමකින් තොරව ආසන්නව දළ අගයන් ප්‍රකාශ කිරීමයි.

නිදසුන් :
1. පාර හරහා මාරු වන තැනකදී වාහනයක වේගය
2. යම් ගමනකට ගත වන කාලය
3. උත්සවයකට සහභාගී වන පිරිසට අවශ්‍ය කෑම ප්‍රමාණය

නිදසුන : ගණනය කිරීම ඇසුරින්.....

සිසුන් 39 ක්‌ බැගින් සිටිනා පන්ති 61 ක සිසුන් සංඛ්‍යාව සොයන්න.
සිසුන් 39 ආසන්නව 40 ලෙස ගනිමු
පන්ති 61 ආසන්නව 60 ලෙස ගනිමු
මුළු ශිෂ්‍ය පිරිස 40 * 60 ≈ 2400

සත්‍ය සංඛ්‍යාව 39 * 61= 2379
2400 හා 2379 ආසන්න අගයන්ය.


≈ ලකුණෙන් ආසන්න වශයෙන් බව අදහස් කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017