ශ්‍රී ලාංකික සංඛ්‍යා නාම
 

ශ්‍රී ලාංකික සංඛ්‍යා නාම පහත පරිදිය.
10,000 දස දහස
100,000 ලක්‌ෂය
100,000,00 කෝටිය

ශ්‍රී ලාංකික සංඛ්‍යා නාම හා ජාත්‍යන්තර සමිමත සංඛ්‍යා නාම අතර සමිබන්ධයන් පහත පරිදිය.























































1 එක එක
10 දහය දහය
100 සියය සියය
1000 දහස දහස
10,000 දස දහස දස දහස
100,000  සියක් දහස  ලක්ෂය
1000,000 මිලියනය දස ලක්ෂය
10,000,000  දස මිලියනය කෝටිය
100,000,000 සියක් මිලියනය දස කෝටිය
1000,000,000 බිලියනය සිය කෝටිය
10,000,000,000 දස බිලියනය දහස් කෝටිය
100,000,000,000 සියක් බිලියනය දස දහස් කෝටිය
1000,000,000,000  ට්‍රිලියනය ලක්ෂ කෝටිය



ශ්‍රී ලාංකික සංඛ්‍යා නාම ඇසුරෙන් පහත සංඛ්‍යා ලිවීමට හුරු වන්න.
12,857,631 : එක්‌කෝටි විසි අට ලක්‌ෂ පනස්‌ හත් දහස්‌ හයසිය තිස්‌ එක.


3,286.250,320 : තූන්සිය විසිඅට කෝටි හැට දෙලක්‌ෂ පනස්‌දහස්‌ තූන්සිය විස්‌ස


අභ්‍යාසය :
ශ්‍රී ලාංකික සංඛ්‍යා නාමයෙන් ලියන්න.
 1. 273,8500
 2. 665,328
 3. 276,330,000
 4. 2,452,653,630
 5. 57,386,326,200


(2) ඉලක්‌කමෙන් ලියන්න.
 1. විසි හත් ලක්‌ෂ හතළිස්‌ අටදහස්‌ පනස්‌ දෙක.
 2. තූන්කෝටි තූන් ලක්‌ෂ හැත්තෑ පන්දහස.
 3. විසිනව කෝටි අසූ හතර ලක්‌ෂ පනස්‌ තූන්දහස්‌ අසූ හය.
 4. දෙසීය පනස්‌ අට කෝටි අසූ අට ලක්‌ෂය.
 5. නවසිය අසූ තූන්කෝටි විසිපන් ලක්‌ෂ අසූහතර දහස.

 
(c) Shilpa Sayura Foundation 2006-2017