සමීකරණ ගොඩනැගීම
 

අප දන්නා දත්ත උපයෝගී කරගනිමින් කිසියම් සම්බන්ධතාවයක් ගොඩනැගීම සමීකරණ ගොඩනැගීමේදී සිදුකරයි.

පහත උදාහරණය මගින් එය ඔබට මනාව පැහැදිලි වනු ඇත.

ගිනිකූරු ගොඩක තිබූ ගිනිකූරු ගණන දුලානිට ගැන ගන්නට බැරිවිය. එවිට එහි ගිනිකූරු x තිබෙන බව ගිහාන් කීවේය. එම ගිනිකූරු ගොඩට තවත් ගිනිකූරු 6ක් දැමූ තිලිනි, දැන් එතන ගිනිකූරු 94 ක් තිබෙන බව කීවාය.
ඒ අනුව,

 

 

 


ගිහාන් ප්‍රකාශ කල ගිනිකූරු ගණන = x
එයට තිලිනි එකතුකල ගිනිකූරු ගණන = 6
දැන් තිබෙන ගිනිකූරු ගණන = x + 6
තිලිනි ප්‍රකාශ කල ගිනිකූරු ගණන = 94
එමනිසා x + 6 = 94

මෙය සමිකරණයකි.

අභ්‍යාස.
දොඩම් ගෙඩියක මිල නොදන්නා අතර එය y ලෙස සලකමු.මෙම දොඩම් ගෙඩි 5ක මිලෙන් රු.5ක් අඩුකලවිට මිල රු.70 ක් වේ.
මේ සඳහා සමීකරණයක් ගොඩනගන්න.

5y-5=70
5y=(70+5)
y=(75/5)
y=15
සමීකරණ විසඳීම.
ඉහත ආකාරයට ගොඩනගා ගත් සමීකරණයෙහි නොදන්නා පදය (අඥාතය)සෙවීමට සමීකරණය විසඳීමෙන් හැකියාව ලැබේ.

උදාහරණ:
3x - 8 = 10
3x = 10 + 8
3x = 18
x = 6

විසඳන්න.
(1) 2x + 4 = x + 8
(2) 3p -5 = p -1
(3) x/3 + 2 = 5
(4) තහඩුවක වර්ගඵලය වර්ග මීටර 3/4x කි.ඉන් 1/8 ක ප්‍රමාණය වර්ග මීටර 12 කට සමාන වේ. එසේනම් xහි ප්‍රමාණය සොයන්න.

 
(c) Shilpa Sayura Foundation 2006-2017