සාර්ථක භාගය.
කාසියක් ගෙන එය 10 වාරයක් උඩ දැමීමෙන් සිරස ලැබුණ වාර ගණන 5ක් යයි සිතමු.
එය භාගයක් ලෙස දැක්වූ විට,
සිරස ලැබුණ වාර ගණන = 5
කාසිය උඩදැමූ මුළු වාර ගණන 10
මෙහිදී ලැබෙන 5/10 මගින් සිරස ලැබීම පිලිබඳව පරීක්ෂණාත්මක අගයක් ප්‍රකාශවෙයි.
ඒ නිසා 5/10 ට සිරස ලැබීමේ සාර්ථක භාගය යයි කියනු ලැබේ.
කාසිය n වාරයක් උඩදමා සිරස m වාරයක් ලැබේ නම් සිරස ලැබීමේ සාර්ථක භාගය = m/n වේ.
සෛද්ධාන්තික සම්භාවිතාවය.
යම්කිසි සිදුවීමක සෛද්ධාන්තික සම්භාවිතාවය යනු එම සිදුවීම සිදුවිය හැකි වාර ගණන ඊට අදාලව සිදුවිය හැකි සියළුම සිදුවීම් වල භාගයක් ලෙස ප්‍රකාශ කිරීම වේ.
උදාහරණ:
දාදු කැටයක් උඩ දැමූවිට අංක 1 සිට 6 තෙක් ඕනෑම අගයක් ලැබිය හැක.ඒ අනුව ලැබිය හැකි මුළු ප්‍රතිඵල ගණන 6කි.
දාදු කැටයේ 1 සඳහන් පැති ඇත්තේ 1කි.
ඒ අනුව
1 ලැබෙන අවස්ථා ගණන = 1
ලැබිය හැකි සියළුම ප්‍රතිඵල ගණන = 6
එමනිසා, 1 ලැබීමේ සම්භාවිතාවය = 1/6
අභ්‍යාස.
(1) පෙට්ටියකින් අඹ ගෙඩි 10ක් අහඹු ලෙස ගත්විට හොඳ තත්වයේ තිබුණේ අඹ ගෙඩි 7ක් පමණි.ගන්නා ලද අඹ ගෙඩියක් හොඳ එකක් වීමේ සාර්ථක භාගය සොයන්න.
(2)1 , 2 හා 3 වෙනි තෑගි පමණක් ඇති ලොතරැයියක් වෙනුවෙන් ටිකට්පත් 120 ක්ද ලෙවි කරන ලදී. ඉන් ලොතරැයි ටිකට්ටුවක් ගත් අයෙකුට,
1. 1වෙනි දිනුම ලැබීමේ සම්භාවිතාවය කුමක්ද?
2. ඕනෑම දිනුමක් ලැබීමේ සම්භාවිතාවය කුමක්ද?
3. දිනුමක් නොලැබීමේ සම්භාවිතාවය කුමක්ද?