බෙලි ලෙන, බටදොඹ ලෙන, වවුල් පනේ, පාහියන්ගල, පල්ලේමලළ, ඉරණමඩු, හෝරටන් තැන්න, කදුරු පොකුණ, තන්තිරිමලේ, පොම්පරිප්පු, පදවිගම්පොල යන ස්ථාන වල ගුහා වල ඔවුන් ජීවත් වන්නට ඇතැයි සැලකේ. මෙසේ විවිධ කාලවල ජීවත් වූ මානව වර්ග භාවිතා කළ මෙවලම් වර්ග ද සොයාගෙන ඇත.
මෙම ආදි මානවයන් මුවහත් කරන ලද ගල් ආයුධ සහ සතුන් ගේ ඇට වලින් තනන ලද ආයුධ භාවිතා කළ බව පෙනේ. සොයාගන්නා ලද ගල්ගුහා තුළින් විශාල වශයෙන් බෙල්ලන්ගේ කටු හමුවීමෙන් පෙනෙන්නේ ඔවුන් ඒවා ආහාරයට ගත් බවයි. ඔවුන් නිවාස ලෙස භාවිතා කොට ඇත්තේ ස්වභාවික ගල්ලෙන්ය. මේ ගල්ලෙන් කැණීමෙන් ඔවුන් පිළිබඳ තොරතලරු අපට දැනගත හැකිය.
ඔවුන්ගේ සිරිත් විරිත් කුමන තත්ත්වයේ තිබුණේ ද යන්න සොයා ගැනීමට සාක්ෂි ඉතිරි වී නැත. නමුත් මළගිය පුද්ගලයන් සම්බන්ධයෙන් කිසියම් චාරිත්‍ර විධි අනුගමනය කරන්නට ඇත. මෙය අවමංගල්‍ය චාරිත්‍රයක් වන්නට ඇත. දැනට ආදි වාසීන් ලෙස ශේෂ වී ඇති වැද්දන්ගේ මළවුන් පිදීමේ චාරිත්‍ර අදද පැවැත්වෙන්නේ සමහර විට මේවායින් ශේෂ වී පැවතෙන සිරිතක් නිසා විය හැකිය.
කිතුල්ගල බෙලි ලෙන - බලන්ගොඩ මානවයා වසර 27,000 පෙර සිට වසර 3,500 අතර කාලයේ වාසය කළ බවට සාක්‍ෂි ඇත. බලන්ගොඩ මිනිසා මිනිසා කඳුකරයේ තෙත් බිම්වල හා සබරගමුවේ වර්ෂා වනාන්තර වලද අතර හෝර්ටන් තැන්නේද, මන්නාරම හා විල්පත්තුවේද වාසය කළ බව සැලකේ. සෑම ස්ථානයකම කුඩා පවුල් ගණනක් වාසය කර ඇති අතර වාසස්ථාන සියල්ල වර්ග අඩි පණහක පමණ කුඩා ප්‍රදේශයක විහිදේ.
ගල් මෙවලම් වලට අමතරව සත්ව ඇටකටු, මුව අං ආදියෙන් කළ ආයුධද වසර 35,000කට පෙර භාවිතා වී ඇත. කුඩා ඇටද, බෙලි කටුද, සිප්පි කටුද මෙම ස්ථාන වලින් සොයාගෙන ඇත. බටදොඹ ලෙනින් සොයාගත් මුහුදු බඩ හමුවන සිප්පි කටු රට තුල සම්බන්ධකම් සහිත ජාලයක් තිබූ බවට සාක්‍ෂිය. එමෙන්ම බෙලි ලෙනට මූදුකරයේ සිට වසර 25,000 කට පෙර ලූණු ගෙන ආ බවට සාක්‍ෂි දරයි.
කුරුවිට බටදොඹ ලෙන වසර 30000 - 11,500 ත් අතර කාලය
බටදොඹ ලෙනින් සොයාගත් මුහුදු බඩ හමුවන සිප්පි කටු රට තුල සම්බන්ධකම් සහිත ජාලයක් තිබූ බවට සාක්‍ෂිය.
කුරුවිට දිවාගුහාව

ඔවුන්ගේ සිරිත් විරිත් කුමන තත්ත්වයේ තිබුණේ ද යන්න සොයා ගැනීමට සාක්ෂි ඉතිරි වී නැත. නමුත් මළගිය පුද්ගලයන් සම්බන්ධයෙන් කිසියම් චාරිත්‍ර විධි අනුගමනය කරන්නට ඇත. මෙය අවමංගල්‍ය චාරිත්‍රයක් වන්නට ඇත. දැනට ආදි වාසීන් ලෙස ශේෂ වී ඇති වැද්දන්ගේ මළවුන් පිදීමේ චාරිත්‍ර අදද පැවැත්වෙන්නේ සමහර විට මේවායින් ශේෂ වී පැවතෙන සිරිතක් නිසා විය හැකිය.

ගල් මෙවලම් වලට අමතරව සත්ව ඇටකටු, මුව අං ආදියෙන් කළ ආයුධද වසර 35,000කට පෙර භාවිතා වී ඇත. කුඩා ඇටද, බෙලි කටුද, සිප්පි කටුද මෙම ස්ථාන වලින් සොයාගෙන ඇත. බටදොඹ ලෙනින් සොයාගත් මුහුදු බඩ හමුවන සිප්පි කටු රට තුල සම්බන්ධකම් සහිත ජාලයක් තිබූ බවට සාක්‍ෂිය. එමෙන්ම බෙලි ලෙනට මූදුකරයේ සිට වසර 25,000 කට පෙර ලූණු ගෙන ආ බවට සාක්‍ෂි දරයි.
කුරුවිට බටදොඹ ලෙන වසර 30000 - 11,500 ත් අතර කාලය
බටදොඹ ලෙනින් සොයාගත් මුහුදු බඩ හමුවන සිප්පි කටු රට තුල සම්බන්ධකම් සහිත ජාලයක් තිබූ බවට සාක්‍ෂිය.

කුරුවිට දිවාගුහාව

ඉරණමඩු ප්‍රදේශයෙන් සොයාගත් ගල් මෙවලම්

බුලත්සිංහල -පාහියන්ගල ලෙන
වසර 34000 කට පමණ පෙර තෙත් කළාපයේ පහත්බිමේ මානව වාසස්ථාන තිබී ඇති අතර බුලත්සිංහල පාහියන් ලෙනේ මානව පොසිල හමුවී ඇත.

ඉරණමඩු මානව වාසස්ථාන ප්‍රදේශය

වසර 17,000 - 10,000 කාලය තුල හෝර්ටන් තැන්න වර්ෂා වනාන්තරයේ බාර්ලි වගා කළ බවට සාක්‍ෂි සොයාගන ඇත.

විවෘත වාසස්ථානයක් ලෙස හඳුනාගන ඇති ඇඹිළිපිටියේ බෙල්ලන්බැඳි පැලැස්සේ වසර 6500 කට පෙර මිනිසුන් වාසය කළ බවට පුරා විද‍්‍යාත්මක සාක්‍ෂි ඇත.

තන්තිරිමලේ සහ කදුරුපොකුණේ හමුවන නොදියුණු ගුහා කැටයම් ගල් යුගයට අයත් බවට සාක්‍ෂි තවම නැතත් ඒවා වැද්දන් විසින් කළ බවට මතයක් පවතී.

කෑගල්ලේ අත්තනගොඩ අළු ලෙන වසර 10,500 පමණ පෙරද මානව වාසස්ථාන වූ තිබී ඇත.
1969-72 දී පුරාවිද්‍යා දෙපාර්ථමේන්තුව කළ පරීක්‍ෂණ අනුව බුන්දල - වෙල්ලන්ගොඩ, මාන්කුලම්, අරුකාලු, යාල - මිනිහාගේකන්ද ප්‍රදේශවලින් ප්‍රාග් ඉතිහාසයට අයත් ගල් මෙවලම් හමුවී ඇත.
රත්නපුර ගොඩකවෙලට ආසන්නව පිහිටා ඇති ස්වාභාවික ලයිම්ගල් වලින් සැදුණු වවුල්පෙනේ ගුහාව