ජ්‍යාය
 

වෘත්තයක් මත පිහිටි ලක්ෂ්‍යය දෙකක් යාකරන සරල රේඛාව එම වෘත්තයේ ඡ්‍යායකි.
BX යනු වෘත්තයේ ඡ්‍යායකි.


 

 

 

 

 

 

කේන්ද්‍රය හරහා යන ඡ්‍යාය වෘත්තයක විෂ්කම්භය වන අතර එය දිගින් වැඩිම ඡ්‍යාය වේ. එය අරය මෙන් දෙගුණයකි.


වෘත්තයක විෂ්කම්භ අතිවිශාල සංඛ්‍යාවක් ඇත.

සලකනු ලබන කිසියම් වෘත්තයක ඡ්‍යායක මධ්‍ය ලක්ෂ්‍ය හරහා ඊට ලම්භව අඳිනලද සරල රේඛාව වෘත්තයේ කේන්ද්‍රය හරහා යයි.




වෘත්තයක සමාන්තර ඡ්‍යායවල මධ්‍ය ලක්ෂ්‍ය එකම විශ්කම්භයක් මත පිහිටයි.

 AB හා CD හි මධ්‍ය ලක්ෂය එකම විශ්කම්භයක පිහිටන බව සනාත කරන්න.

 AB||CD හා  AC=BD ද වේ
 

 අංග සම ජ්‍යාය වල චාප අංග සම වේ.


 AB චාපය හා CD චාපය සමාන වේ.
එ‍සේම අංගසම චාප වලින් අංගසම ජ්‍යාය නිර්මාණය වේ.

සමාන ජ්‍යාය වලට කේන්ද්‍රයේ සිට අඳින ලම්බක දුර සමාන වේ.


1. කේන්ද්‍රය O වූ වෘත්තයක විෂ්කම්භය 14 cm කි.
5 cm ඡ්‍යායකට උපරිම අගයක් ලැබීම සඳහා එම ඡ්‍යාය තව කොපමණ දිග විය යුතුදැයි සොයන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017