හෝමෝ මානව විශේෂය
 

හෝමෝ හැබිලස් - කඩවසම් මිනිසා
Homo habilis (Handy Man)
ටැන්සානියාවෙන් 1962 දී සොයාගත් වඩාත් මිනිසාට නෑකම් කියන කොට්ඨාසය මෙයයි. හෝමෝ යන්න කඩවසම් මිනිසා (Handy Man) යන අරුත දක්වයි. මොහුගේ මොළය ඔස්ට්‍රෝලොපිතකයන්ට වඩා විශාලත්වයෙන් වැඩිය. අඩි 5 ක් පමණ උසය. වසර මිලියන 1.5 - 2.0 අතර මිහිතලය මත ජීවත් වී ඇත.






හෝමෝ රුඩොල්ෆෙන්සෙස් - රුඩොල්ෆ් මිනිසා
Homo rudolfensis (Rudolf Man)
1470 දී කෙන්යාවෙන් සොයාගත් හිස් කබල අනුව හෝමෝ හැබිලස්ට නැකම් කියයි.
වසර මිලියන 1.9 කාලයකට පෙර ජීවත්ව සිටින්නට ඇත.


 

 

 

 

 

 

 





හෝමෝ එරගස්ටර් - වැඩකරන මිනිසා
Homo ergaster (Working Man)

දකුණු අප්‍රිකාවෙන් සොයාගත් හිස් කබල අනුව හෝමෝ හැබිලස්ට නැකම් කියයි.

වසර මිලියන 1.4 - 1.9 අතර කාලයක ජීවත්ව සිටින්නට ඇත.

 

 

 

 

 

 

 


හෝමෝ ඉරෙක්ටස් - සිරුර කෙලින් මිනිසා
Homo erectus (Upright Man)








1891 දී ඉන්දුනීසියාවේ ජාවා දූපතෙන් සොයාගත් හෝමෝ ඉරෙක්ටස් ජාවා මිනිසා ලෙසද හඳුන්වය. සම්පූර්ණයෙන් කෙලින් සිට ගැනීමට හැකියාව තිබුණැයි සැලකෙන ජාවා මිනිසා වසර මිලියන 2 ට පෙර ජීවත්ව සිටි බව සැලකෙන අතර ඔහු අප්‍රිකාවෙන් සංක්‍රමණය වූවා යයි අදහස්ද පවතී.

















හෝමෝ ෆ්ලෝරෙසින්සිස් -ෆ්ලෝරෙස් මිනිසා
Homo floresiensis (Flores Man)
2003 දී ඉන්දුනීසියාවේ ෆ්ලෝරෙස් නම් දූපතෙන් සොයාගත් ෆ්ලෝරෙස් මිනිසා ගේ මොළය කුඩා බවද, කුඩා ගල් ආයුධ භාවිතා කළ බවද සැලකේ.









හෝමෝ ඇන්සෙස්ටර් - මුල් මුත්තා
Homo antecessor (Predecessor Man)
යුරෝපයෙන් හා ස්පාඤ්ඤයෙන් හමුවූ හෝමෝ ඇන්සෙස්ටර්ගේ මොළය ඝණ සෙන්ටිමීටර 1000 ක් යැයි සිතයි.















හෝමෝ හෙයිඩෙල්බර්ගෙන්සිස් - හෙයිඩෙල්බර් මිනිසා
Homo heidelbergensis (Heidelberg Man)
යුරෝපයේ විවිධ ස්ථාන වලින් හමුවුනු පොසිල අනුව වසර 600,000 - 250,000 අතර ජීවත් වී ඇත. නියැන්ඩර්තාල් මානවයාගේ මුත්තා ලෙස සලකයි. මොවුන් දඩයම් කරුවන් ලෙස සැලකෙන අතර තරමක් දියුණු ආයුධ භාවිතා කර ඇති බච සැලකේ.


ගල් මෙවලමක්


හෝමෝ නියැනඩර්තාල් -නියැනඩර්තාල් මිනිසා
Homo neanderthalensis (Neanderthal Man)

යුරෝපයේ හමුවුනු හිස්කබල් හා පොසිල අනුව වසර 350,000 - 130,000 අතර ජීවත් වී ඇත. හෙයිඩෙල්බර් මිනිසා ගේ මුණුපුරකු ලෙස සලකයි.















 

නියැන්ඩර්තාල් මිනිසා, බුද්ධිමත් මිනිසා (wise man) යන අරුත් දෙයි. වසර 100,000 පමණ පෙර ජීවත්ව සිට ඇත. ජර්මනියේ නියැන්ඩර්තාල් නිම්නයේ හමුවී ඇති පොසීලය සහ ප්‍රංශයේ කොමැග්නන් නම් ප්‍රදේශයේ ගල්ගුහාවක තිබී හමුවී ඇති ඇටසැකිලි කොටස් කීපයක් ඇසුරෙන් මොවුන් පිළිබඳ තොරතුරු සොයාගෙන ඇත. මොවුන්  නියැන්ඩර්තාල් මානව වර්ගයට පසුව සිටි කොට්ඨාශය ලෙස පිළිගැනේ. එනිසා මොහු පිළිබඳ තොරතුරු දත හැකිය.

විශේෂයෙන් සීතල දේශගුණික ප්‍රදේශවල ජීවත් වී ඇත. මොහු බොහෝ දුරට නූතන මිනිසාට සමානය. නමුත් නූතන මිනිසාට වඩා උසින් අඩු බව පිළිගැනෙන අතර, මොළයේ ප්‍රමාණය නූතන මිනිසාට සමානව තිබී ඇත. මොහුගේ හමුවී ඇති ශක්තිමත් ඇට අනුව වැඩුණු මස් පිඩු සහිතව සිටින්නට ඇතැයි සැලකේ.

මොහු තියුණු කරන ලද ගල් ආයුධ භාවිත කර ඇත. මෙම තියුණු කරන ලද ගල් ආයුධ විවිධ කටයුතු සඳහා භාවිත කරන්නට ඇත. සතුන්ගේ සම් ඇඳුම් ලෙස භාවිත කර ඇත. ඔවුන් සිටි ගල් ගුහාවල සතුන්ගේ රූප ඇඳ තිබූ අතර වර්ණ භාවිතා කිරීම ද මළවුන්ට සම්බන්ධ නොයෙකුත් චාරිත්‍ර විධිද අනුගමනය කර තිබේ.


හෝමෝ රොඩේසියනිස් - රොඩේසියා මිනිසා
Homo rhodesiensis (Rhodesia Man)
1921 දී සැම්බියාවෙන් සොයාගනු ලැබූ අතර වසර 125,000 and 300,000 පමණ කලක ජීවත් වූ බව සැලකේ.


හෝමෝ සෙප්රානියන්සිස් -සෙප්රානෝ මිනිසා
Homo cepranensis (Ceprano Man)

1994 දී රෝමයෙන් සොයාගත් හිස් කබල අනුව වසර 800,000 and 900,000 අතර කළක ජීවත් වූ බව සැලකේ.


හෝමෝ ජෝර්ජියා - ජෝර්ජියානු මිනිසා
Homo georgicus (Georgia Man)
2002 දී ජෝර්ජියාවෙන් සොයාගත් පොසිල අනුව හෝමා හැබිලස් හා හෝමා ඉරෙක්ටස් අතර කාලය අතර කළක ජීවත් වූ බව සැලකේ.



හෝමෝ සේපියන් - Homo sapiens

නූතන මිනිසා හෙවත් හොමෝ සේපියන්ස් නම් ලද මොහු වසර 1,20,000 සිට අද දක්වා මිහිතලය මත ජීවත්වන පරපුරයි.








 සත්ව ඇටකටුවලින් සාදන ලද අවි ආයුධ භාවිතා කිරීම අරඹා ඇත. එමෙන්ම ගල් සහ දැව ආයුධ තැනීම අරඹා ඇත. ගල්ගුහාවල ජීවත්වෙමින් ගුහාවල චිත්‍ර ඇඳ තිබේ.











ලංකාවේ බලංගොඩ ප්‍රදේශයේ ගල්ගුහාවකින් හමුවු බලංගොඩ මානවයා අයත් වන්නේ මෙම වර්ගයටයි. මොවුන් භාවිතා කළ ආයුධ ඔප මට්ටම් කරන ලද ගල් ආයුධය. ඟින්දර භාවිතා කළ අතර සතුන්ගේ ඇටකටු ආයුධ ලෙසද, සතුන් ගේ හම් ඇඳුම් ලෙස ද භාවිතා කර ඇත.



මෙසේ මිනිසාගේ පරිණාමය පිළිබඳ විවිධ අවස්ථා විද්‍යාඥයන් විසින් ගෙන හැර දක්වා ඇත. නමුත් මෙම මානව වර්ග එක් එක් මහාද්වීප වල එක් එක් විශේෂ ලෙස හමුවී ඇත. මේ අනුව ජාවා මිනිසා, පීකිං මිනිසා, හෝමෝ ඉරෙක්ටස් ගණයට අයත්වේ. අප්‍රිකාවෙන් සොයාගත් ටෝන් ළමයා, ඉතියෝපියාවෙන් සොයාගත් ලූසි නමින් හැදින්වු කාන්තා පොසීලය ආදී වශයෙන් ලෝකයේ විවිධ ප්‍රදේශවලින් මානව වර්ගවලට සම්බන්ධ පොසීල වර්ග හමුවී ඇත. මෙසේ ලැබී ඇති පොසීල අනුව ආදී මානවයාගේ වර්ධන අවස්ථාවන් විද්‍යාඥයින් දක්වා ඇත.

මානව වර්ගයා අප්‍රිකානු මහද්වීපයේ ජනිතව ආසියාවට හා යුරෝපයට සංක්‍රමයණය වූ අයුරු දක්වන සිතියම.

(c) Shilpa Sayura Foundation 2006-2017