Australopithecus - ඔස්-ට්‍රෝ-ලො-පිත-කස්
මොහු දෙපයින් නැගී සිටි මුල් මානව වර්ගයට නෑකම් කියන කොටසකි. වසර මිලියන 4 කට පෙර සිට මිලියන 1 ½ පමණ පෙර පෘතුවිය මත විසූ ලෙස සැලකේ. මොහු මීටර 1.2 පමණ උස්වන්නට ඇතැයි ද ඉහළ සහ පහළ දත් ඇඳි දෙක පරීක්ෂා කිරීමේ දී චිම්පංසියාට වඩා මිනිස් ලක්ෂණ වලට හුරු බවක් දක්වන්නේ යැයි එය විශ්ලේෂණය කළ විද්‍යාඥයෝ ප්‍රකාශ කර ඇත.
මේ සම්බන්ධව ලුසී නමින් හැදින්වූ කාන්තා පොසීලය හමුවී ඇත්තේ ඉතියෝපියාවෙනි. වසර මිලියන 3.2 කට පෙර විසූ අයෙකුට අයත් යැයි සැලකෙන එය හමුවී ඇත්තේ 1973 දී ය. ඇය වයස අවුරුදු 20 ට වැඩි ස්ත්‍රියක් වන්නට ඇතැයි ද පැවසේ.
ඔස්ට්‍රෝලොපිතකස් මානවයා දර කැබලි සහ ගල් ආයුධ ලෙස භාවිතා කරන්නට ඇති බව ද, කුඩා සත්ව වර්ග, එනම් හාවුන් වැනි සතුන් දඩයම් කරන්නට ඇති බවද, ගස්වල ගෙඩි සහ කෘමි සතුන් ආහාර පිණිස ගන්නට ඇතැයි සැලකේ.
මොහු මිනිසාට වඩා හුරු බවක් දක්වන අතර වානර විශේෂයක් ලෙස හඳුනාගෙන ඇත.
