ආදී මානවයා
 


මෙයට වසර මිලියන 4,600 පමණ පෙර භු තලය ඇතිවූයේ යැයි භු විද්‍යාඥයන් ගේ මතයයි.

 

 


ඉන්පසු විවිධ සත්ව වර්ග මෙම මිහිතලය මත ඇති වී නැති වී ගොස් ඇත.
ට්‍රයිලෝබයිට් හා යෝධ ඩයිනෝසිරස් වර්ග එයට නිදසුන් වේ.

 

 

 

 

 

 

 

 

 

   


මිනිසාගේ ඇතිවීම පිළිබඳ පැහැදිලි මතයක් ප්‍රකාශ කිරීමට මෙතෙක් හැකිවී නැත. 'වඳුරා පරිණාමය වීමෙන් මිනිසා ඇතිවූයේය', යන්න චාල්ස් ඩාර්වින් ප්‍රකාශ කළ අතර අද එය ද විවේචනයට ලක් වී ඇත.



චාල්ස් ඩාර්වින් නම් මානව විඳ්‍යාඥයා
















ලෝකයේ විවිධ ප්‍රදේශ වලින් ලැබී ඇති පොසීල අනුව විවිධ මානව වර්ග රැසක් ලොව සිටි බවට පිළිබඳ පුරාතන සාක්ෂි ඇත.



ආදී මානවයන් ජීවත් වූ කාල නිර්ණයෙන් ඔවුනට විශේෂිත නම් දී ඇත. පහත දැක්වෙන් නිදසුන් කිහිපයකි. ඉන් දෙපයින් නැගී සිටි මානවයා සහ මිනිසාට සමාන ලක්ෂණ ඇති අය යනුවෙන් ප්‍රධාන වර්ග දෙකකි. හෝමො සේපියන්ස් නම් විශේෂය නූතන මානවයාට වඩාත් සමීපය


1. ඔස්ට්‍රොලොපිතකස් (දෙපයින් නැගී සිටි මානවයා)
2. හෝමෝ විශේෂය (මිනිසාට සමාන ලක්ෂණ ඇති අය)

හෝමෝ විශේෂය ජීවත් වූ කාළ අනුව තවත් වර්ග කිහිපයකි.

1. හෝමෝ ඉරෙක්ටස්  වසර මිලියන 2.2 සිට 1.6 කට පෙර
2. හෝමෝ සේපියන්ස් හෙවත් නියැන්ඩර්තාල් මානවයා වසර මිලියන 2 සිට 0.4 ක් දක්වා
3. හෝමෝ සේපියන්ස් (නූතන මිනිසා) වසර 30.0000 කට පෙර

(c) Shilpa Sayura Foundation 2006-2017