Intersection
යම් රේඛා දෙකක් එකිනෙක කැපේ නම්, ඒවා කැපෙන ලක්‍ෂය රේඛා දෙකටම පොදු ස්ථානයකි. එම ලක්‍ෂය ඡේදන ලක්‍ෂය (point of intersection) ලෙස හඳුන්වයි.
පහත උදාහරණ බලන්න.
AB හා GH රේඛා D හිදි කැපේ. D ඡේදන ලක්‍ෂයයි.
1 රේඛාව M හා N හිදී චතුරස්‍රය කපයි.
2 රේඛාව ප හිදී වෘත්තය කපයි. එය ඇත්තෙන්ම ස්පර්ෂ වීමකි. එවිට 2 වන රේඛාව වෘත්තයේ ස්පර්ෂකයක් ලෙස සලකයි.