සබරගමු සම්ප්‍රදාය මූලික අංගහාර
 

සබරගමු නර්තනය හදාරන ආධුනිකයා දොඹින පද නැටීමෙන් අනතුරුව, නර්තනය සඳහා හා අවශ්‍ය මූලික අංගහාරයන් ප්‍රගුණ කරන්නේ " මාත්‍රා පද " නැටීමෙනි. මෙම මාත්‍රා පද මගින් අත් හැඩ ඇතුළු මූලික අංගහාර නිවැරදි ලෙස සකස්‌ කර ගත හැකිය.
 
 මාත්‍රා පහට අයත් මාත්‍රා පද සහ ඉන් පිටස්‌තර යෙදෙන මාත්‍රා පද කොටස්‌ ද සබරගමු නර්තනයේ මූළික නර්තන අතර වෙයි. මෙකී මාත්‍රා පද තරමක්‌ සංකීර්ණ බව පෙන්නුම් කලද ඉතාම ක්‍රමාණුකූලව ලෙස සරල බවේ සිට සංකීර්ණ තත්වය දක්‌වා ක්‍රමයෙන් වර්ධනය වන ආකරයෙන් නිර්මාණය කර තිබේ.
 
 මෙම මාත්‍රා පදවලට විශේෂ පද කොටස්‌ සහ ඊට නියමිත "  කලාසම් හා අඩවු " නැටීම විශේෂ ලක්‍ෂණයකි.

(c) Shilpa Sayura Foundation 2006-2017