කුප්පි ලාමිපුවකින් විය හැකි අනතුරු
 
කුප්පි ලාමිපුව අප නිවසේ එදිනෙදා භාවිතා වන ආලෝක ප්‍රභවයකි. ඉන් බොහෝ අනතුරු විය හැකිය.
කුප්පි ලාමිපුවෙන් විය හැකි අනතුරු අඩුකර ගැනීමට පහත උපදෙස් පිළිපදින්න.
කුප්පි ලාම්පු භාවිතාකර කරන ක්‍රියාවන් වලදී ඉතාමත් කල්පනාකාරී විය යුතුයි.

හදිසියේ හෝ ලාම්පුව බිම වැටුනහොත් එහි තිබෙන භුමි තෙල් එයින් පිටතට විත් පැතිරී නොයන ලෙස ලාම්පුවෙ මූඩිය ඉතා හොදින් වසා තැබිය යුතුයි.

කුප්පි ලාම්පුවට යකඩ දැලැක් වැනි යමකින් ආවරණය කළ යුතුයි.

 
කුප්පි ලාම්පුවේ අඩිය පළල් හා පැතලි වීමද ලාම්පූව පෙරලීමට ඇති සම්භාවිතාවය එනම් පෙරලීමේ හැකියාව අඩු වන බැවින් ලාම්පුවේ හැඩය ගැන සැලකිලි මත් විය යුතුයි.

කුඩා බෝතල් ලාම්පු භාවියෙන් ඉවත් වන්න. 

නිතරම පළල අඩියක් ඇති ලාම්පුවක් භාවිතා කරන්න. 

මේ හදිසි අනතුර පිළිබඳව ඔබ පවුලේ අය දැනුවත් කරන්න.
 
(c) Shilpa Sayura Foundation 2006-2017