පහතරට නැටුම් මූලික අංගහාර
 

පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් මූලික අත් සරඹ හදුන්වනු ලබන්නේ " ඉලංගම් සරඹ " යන පාරිභාශිත වචනයෙනි. ඉලංගම් සරඹ අභ්‍යාස නිවැරදිව අභ්‍යාසයේ යෙදීමෙන් පහතරට නැටුමට අයත් මූලික අංගහාර ( ඉරියව්) නිවැරදි ලෙස සකස්‌ කොට ගත හැකිවේ. මෙම සරඹ නැටීමේදී පාදය සමග අත් චලන හා සියලු ශාරීරික අංග යොදා ගනු ලබයි.
 
 පහතරට නැටුම ඉගෙන ගන්නා ආධුනිකයාට තම මූලික අංග හාර සකස්‌ කර ගැනීම සඳහා වන ඉලංගම් සරඹ ගණනින් 12 කි. සෑම සරඹයකටම ඊට අදාල " ඉරට්‌ටියක්‌ " ඇත. සරඹය නටා අවසන් කරන්නේ ඉරට්‌ටිය නැටීමෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017