උඩරට - මූලික අංගහාර පුහුණුව
 



උඩරට නැටුම් සම්ප්‍රදායට අයත් මූලික අත් සරඹ නැතහොත් ගොඩ සරඹ අභ්‍යාස නිවැරදිව අභ්‍යාසයේ යෙදීමෙන් උඩරට නැටුමට අයත් මූලික අංගහාර ( ඉරියව්) නිවැරදි ලෙස සකස්‌ කොට ගත හැකිවේ. මෙම සරඹ නැටීමේදී පාදය සමග අත් චලන යොදා ගන්නා බැවින් මේවා අත් සරඹ නමින් හැදින්වේ.

උඩරට නැටුම ඉගෙන ගන්නා ආධුනිකයාට තම මූලික අංග හාර සකස්‌ කර ගැනීම සඳහා වන ගොඩ සරඹ ගණනින් 12 කි. සෑම ගොඩ සරඹයකටම ඊට අදාල කස්‌තිරමක්‌ ඇත. සරඹය නටා අවසන් කරන්නේ කස්‌තිරම නැටීමෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017