විවිධ ප්‍රසංගයට අදාල නැටුම්, ගැයුම් වැයුම් අංග
 

ඔබ මේ වසර පුරාවට ඉගෙන ගත් නර්තන හා ගායන, වාදන හැකියාවන් ඔබේ ගුරුවරුන්ට, දෙමවුපියන්ට හා වැඩිහිටියන්ට පෙන්වා දැක්‌වීමට විවිධ ප්‍රසංගයක්‌ සංවිධානය කිරීම මහත් රුකුලක්‌ වනු නොඅනුමානය. මෙහිදී අපට ඉදිරිපත් කල හැකි අංගයන් මොනවාද යන්න පහලින් දැක්‌වේ.

1. සත්ව චරිත හෝ මිනිස්‌ චරිත ඇතුලත් කෙටි තේමාවක්‌ අනුව නර්තනයක්‌
2. ගායන හැකියාව දැක්‌වීමට ගැමි ගී ගායනයක්‌ හෝ සාම්ප්‍රදායික ගායනයක්‌
3. සාම්ප්‍රදායික නැටුම් පිලිබද ඔබේ හැකියාව දැක්‌වීමට වන්නමක්‌, සින්දු වන්නමක නැටුම් නිර්මාණයක්‌
4. ගැමි නැටුම් නිර්මාණයක්‌
5. සම්ප්‍රදායික හා ආදේශ භාණ්‌ඩ ඇසුරින් සමූහ වාදනයක්‌

ඉහත දැක්‌වූ අංග ඔබ මේ වසර තුලදී ඉගෙනගත් විශය කරුණු අතර වේ. ගුරුමහතාගේ හා වැඩිහිටි සිසුන් ගේ ආධාර උපකාර ඇතිව ඔබ විවිධ ප්‍රසංගයක්‌ සකස්‌ කරගන්න.

(c) Shilpa Sayura Foundation 2006-2017